ප්‍රමුඛ පුවත 1

යාපනය සරසවි සිසුන් මියයාමේ සිද්ධියට අදාළ පොලිස් නිලධාරීන් තවදුරටත් රිමාන්ඩ්

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් 05 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

 

යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔවුන් ලබන 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ බව යාපනය පොලීසිය සඳහන් කරයි.

 

පසුගිය ඔක්තෝබර් මස 21 වනදා යතුරු පැදියකින් ගමන් කරමින් සිටි යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු අභිරහස් ලෙස මියගොස් තිබුණි.

 

සිද්ධියට අදාළව එදින රථ වාහන රාජකාරියේ නිරතව සිටි යාපනය පොලීසියට අනුයුක්ත පොලිස් නිලධාරීන් 05 දෙනෙකු අත්අඩංගුවට ගැනුණි.

Related posts

මහ මැතිවරණයක් තුළින් ශක්තිමත් ආණ්ඩුවක් ගොඩ නගනවා [VIDEO]

Mohamed Dilsad

කැස්බෑවට වැඩිම වර්ෂාපතනයක්

Mohamed Dilsad

ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගය පැතිර යාමේ අවධානමක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment