ප්‍රමුඛ පුවත 1

තමන් අපේක්ෂා කළ ප්‍රතිඵලය නොලැබුණු බව අනුර කියයි

(UTV | කොළඹ) –  ජනාධිපතිවරණයේදී තමන් අපේක්ෂා කළ ප්‍රතිඵලය නොලැබුණු බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට කොළඹ අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා ,

“අපිට අපේක්ෂා සහගත ඉලක්කයක් තිබුණා. නමුත් ප්‍රධාන බල කඳවුරු දෙකක් තියෙන වෙලාවක ජනාධිපතිවරණ ව්‍යාපාරයක් කරන එක අපහසුයි. එය දැනගෙන තමයි අපි ඉදිරිපත් වුණේ. නමුත් අපි යම් ප්‍රතිඵලයක් අපේක්ෂා කළා. අපි අපේක්ෂා කළ ප්‍රතිඵලය මැතිවරණ ප්‍රතිඵල තුළ නොමැති බව කිව යුතුයි. අපේ තිබුණු මැනීම ප්‍රතිඵලවල නැහැ. ඔබ සියලු දෙනාට අපි අරාධනා කරනවා අපි කැමති ජනතාවගෙන් අලුත් දේවල් එකතු කරගන්න වගේම බැහැර කළ යුතු දේ බැහැර කරන්න. මෙය ජනතා කැමැත්ත මත වුණු බල හුවමාරුවක්. සෑම දේශපාලන ව්‍යාපාරයක්ම එයට එකඟ විය යුතුයි. මේ ජනවරම අපි පිළිගත යුතුයි. ඒ මත සිට අපි කටයුතු කරනවා”

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වෙනම රජයක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කරයි

Mohamed Dilsad

අද සිට පළාත් කීපයකට සුළගේ වේගය වැඩි වෙයි..

Mohamed Dilsad

විපතට පත් ජනතාවට සහනාධාර බෙදීමට පාකිස්තානය මහා කොමසාරිස් කාර්යාලයේ සහය

Mohamed Dilsad

Leave a Comment