විදෙස්

ප්‍රංශයේ පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 2ක් මියයයි [PHOTOS]

(UTV | කොළඹ) – ප්‍රංශයේ ටුලූස් නගරයේ පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් තවත් පුද්ගලයන් කිහිපදෙනෙකුට තුවාල සිදුවී තිබේ.

මෙලෙස කඩාවැටී ඇත්තේ දකුණුදිග ප්‍රංශයේ ටුලූස් නගරයේ ගංගාවකට ඉහළින් ඉදිකර තිබූ එල්ලෙන පාලමකි.

විදෙස් වාර්තා සඳහන් කළේ අනතුර සිදුවන අවස්ථාවේ පාලම මතින් වාහන කිහිපයක් ධාවනය වෙමින් තිබු බවයි.

අනතුරින් පහළොස්හැවිරිදි දැරියක් සහ ලොරි රථ රියදුරෙක් මියගොස් ඇති අතර හදිසි සේවකයන් 60 කට වැඩි පිරිසක් අනතුර සිදුවූ වහාම එම ස්ථානයට පැමිණියේය.

මීටර් 155 ක් දිගකින් යුත් මීටර් 7ක් පළලැති මෙම පාලම 2003 වර්ෂයේදී ප්‍රතිසංස්කරණය කර තිබේ.

කෙසේ නමුත් එය කඩාවැටීමට හේතුව තවමත් අනාවරණවී නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

”පාකර්” සූර්ය ගවේෂණ යානය ආරක්ෂිතව සූර්යා අභියසට ළංවෙයි

Editor O

කොවිඩ් එන්නත නොමිලේ රෝගීන්ට දීමට සැරසෙන තවත් රටක්

Mohamed Dilsad

කැනඩාවේ වාර්තාගත උෂ්ණත්වයකට 130 දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment