Trending News

කර්තර්පූර් කොරිඩෝව

(UTV | කොළඹ) ඉන්තිසාර් අහමඩ් සුලේරි

ගුර්ද්වරා දර්බාර් සාහිබ් කර්තර්පූර් පාකිස්තානය යනු සියලු ආගම්වල අනුගාමිකයින්ට ඔවුන්ගේ ඇදහිලි ප්‍රකාශ කිරීමට හා පිළිපැදීමට පූර්ණ නිදහස භුක්ති විඳින සාමය හා සමගිය ඇති රටකි. සීක් ප්‍රජාව රටේ සෑම ප්‍රදේශයකම සාමයෙන් හා සුහදව ජීවත් වෙති. ඔවුන්ගේ ගුර්ද්වරා ශතවර්ෂ ගණනාවක් තිස්සේ රටේ සෑම ප්‍රදේශයකම දක්නට ලැබෙන අතර එහි නඩත්තුව පිළිබඳ වගකීම පාකිස්තාන රජය විසින් භාරගෙන තිබේ. ගුර්ද්වරා දර්බාර් සාහිබ්, කර්තර්පූර් පිහිටා ඇත්තේ ඉන්දියාවේ කුර්දාස්පූර් දේශ සීමාව අසල ලාහෝර් සිට කි.මී. 120 ක් පමණ දුරින් පාකිස්තාන් නාරොල්වාල් දිස්ත්‍රික්කයේ තෙසිල් ෂාගාර්හි ය. මේ හා බාබා ගුරු නානාක් අතර ඇති සම්බන්ධයට විශාල ආගමික හා අධ්‍යාත්මික වැදගත්කමක් ඇත. ගුර්ද්වරා යනු සීක්වරුන්ගේ පූජනීය සිද්ධස්ථානයකි. ඇත්ත වශයෙන්ම, ගුරු නනාක් දේව් ජි සිය ජීවිතයේ අවසාන අවුරුදු දහඅට ගත කළ සහ ඔහුගේ අනුගාමිකයන් බවට පත් කළ මෙම ආගමික මධ්‍යස්ථානයෙන් සීක් ආගම බිහි විය. ගුරු අංගද් දේව් සිය අධ්‍යාත්මික මඟ පෙන්වීම් සහිත ගෝලයන් තුළින් තම පණිවුඩය බොහෝ දුරට ව්‍යාප්ත කරමින් මේ නව ආගමේ අනුගාමිකයින් සඳහා සුවිශේෂී අනන්‍යතාවයක් නිර්මාණය කළේය. එපමණක් නොව, ගුරු නානාක් දේව් ජි මුස්ලිම්වරුන් සහ සීක්වරුන් විසින් ගෞරවයට පාත්‍ර විය.

කොරිඩෝවේ පුරෝගාමියා

අගමැති ඉම්රාන් ඛාන් 2018 නොවැම්බර් 28 වන දින කර්තාර්පූර් කොරිඩෝවේ පළමු අදියරෙහි වැඩ ආරම්භ කළේය. මෙම කොරිඩෝව පාකිස්තානයේ නාරෝවාල් දිස්ත්‍රික්කයේ කර්තර්පූර් ප්‍රදේශයේ ගුර්ද්වරා දර්බාර් සාහිබ් සහ ඉන්දියාවේ ගුර්දාස්පූර් දිස්ත්‍රික්කයේ ඩෙරා බාබා නානාක් අතර සම්බන්ධ කරයි. පාකිස්තානය ඉන්දියානු දේශ සීමාවේ සිට කර්තර්පූර් හි ගුර්ද්වර දර්බාර් සාහිබ් දක්වා කොරිඩෝව ඉදිකරමින් සිටී. මෙම කොරිඩෝව විවෘත කිරීමේ උත්සාහය පාකිස්තාන රජය විසින් විශේෂයෙන් ලොව පුරා නානාක් නැම් ලෙවාස් සහ සීක් ප්‍රජාවගේ දිගුකාලීන ඉල්ලුම සපුරාලීම සඳහා ගනු ලැබීය. මෙම අවස්ථාවට එවකට ඉන්දීය පළාත් පාලන, සංචාරක, සංස්කෘතික කටයුතු හා කෞතුකාගාර අමාත්‍ය නව්ජොත් සිං සිදූ මහතා සහ එවකට ආහාර අමාත්‍ය හරිසිමරත් කෞර් පාතේල් මහතා සහභාගී වූහ. එසේම, මෙම අවස්ථාවට සීක් ප්‍රජාව සහ දෙරටේ මාධ්‍යවේදීන් විශාල පිරිසක් සහභාගී වූහ. පාකිස්තානයේ විවිධ රටවල රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ විවිධ පක්ෂවල පුද්ගලයින් සහභාගී වූ බව සැලකිය යුතු කරුණකි.

ව්‍යාපෘතියේ කෙටි විස්තර

අක්කර 1500 ක විශාල ඉඩමක් ව්‍යාපෘතිය සඳහා වෙන් කරන ලදී.මෙම ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා දේශ සීමාවේ ආගමන පර්යන්තයක් ඉදිකිරීම, මායිමේ රවී ගඟ හරහා පාලම, ගුර්ද්වරා පුළුල් කිරීම හා ප්‍රතිසංස්කරණය කිරීම සහ වන්දනාකරුවන් සඳහා පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළත් වේ.එපමණක් නොව, ගුර්ද්වරා කර්තර්පූර් සාහිබ් සැලසුම් කිරීමේදී, සීක් ප්‍රජාවේ ආගමික විශ්වාසයන් සහ සාම්ප්‍රදායික සීක් ගෘහ නිර්මාණ සැලසුම් සැලකිල්ලට ගනී. දෙවන අදියරේදී, ඉදිරි සිදුවීම් සඳහා එන බැතිමතුන් දසදහසක් සඳහා ඉදිකරන ලද තාවකාලික නිවාසවලට අමතරව, අතිරේක හෝටල් සහ නේවාසිකාගාර ඉදිකිරීමට නියමිතය.වන්දනාකරුවන්ගේ ගමනාගමනය පහසු කිරීම සඳහා දේශසීමා පර්යන්තය දක්වා මීටර් 500 ක මාර්ගයක් ඉදිකිරීමද මෙයට ඇතුළත් ය. දේශ සීමාවේ ඇති ආගමන පර්යන්තය තුළ වෛද්‍ය සහ වෙනත් පහසුකම් සහ ඉඩකඩ සහිත වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.පාකිස්තානයට ඇතුළුවීමට අවසර ලබා ගැනීමෙන් පසු බැතිමතුන් බස් රථයකින් ළඟම ඇති ගුර්ද්වරාහි වාහන නැවැත්වීමේ ස්ථානයට ප්‍රවාහනය කෙරේ.මේ සදහා, කිලෝමීටර 6.8 ක මාර්ගයක් සහ රවි ගඟ හරහා මීටර් 800 ක් දිග පාලමක්ද ඉඳිකර ඇත.බැතිමතුන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා මංපෙත් ආරක්ෂණ මධ්‍යස්ථාන පිහිටුවීමට නියමිතය.වාහන නැවැත්වීමේ ස්ථානයට පැමිණි පසු පාකිස්තානයට ඇතුළුවීමට අවසර ඇති අය බයෝ මෙට්‍රික් (Bio Metric) ලියාපදිංචියෙන් පසු ගුර්ද්වරාට ඇතුළුවීමට අවසර ඇත.එපමණක් නොව, පූජනීය පරිශ්‍රය තුළ ඔවුන්ගේ ආගමික වත්පිළිවෙත් නිදහසේ සිදු කළ හැකිය. අභයභූමිය අසල ඇති පැරණි ව්‍යුහයන් නවීකරණය කිරීම සහ ගුර්ද්වරා සංකීර්ණ සැලසුම් සහගතව ප්‍රතිසංස්කරණය කිරීම හා ව්‍යාප්ත කිරීම ව්‍යාපෘතියේ ප්‍රධාන ලක්ෂණයකි.නව ගොඩනැගිලි වන්දනාකරුවන්ගේ සියලු අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කර ඇත. මේවාට පොදු මුළුතැන්ගෙයි, සිද්ධස්ථාන සහ පුස්තකාලයක් ඇතුළත් වේ.

අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම

දිග්ගැස්සුනු සාකච්ඡාවලින් පසුව, ගුර්ද්වරා කර්තර්පූර් සාහිබ් නැරඹීමට, පාකිස්තානය සහ ඉන්දියාව කර්තර්පූර් කොරිඩෝව විවෘත කිරීම සඳහා 2019 ඔක්තෝබර් 24 වන දින ගිවිසුමක් අත්සන් කළහ.මෙම ගිවිසුම මගින් ගුර්ද්වරා කර්තර්පූර් සාහිබ්ට දිනපතා බැතිමතුන් 5,000 ක් තනිවම සහ කණ්ඩායම් වශයෙන් හෝ පයින් සහ බස් රථවලින් බැලීමට අවස්ථාව ලැබේ.එසේම විශේෂ අවස්ථා වලදී සීක් බැතිමතුන්ගේ සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.අදාළ ලියකියවිලි ඉදිරිපත් කිරීමෙන් වන්දනාකරුවන්ට ගමන් කළ හැකිය.

බාබා ගුරු නානාක් විශ්ව විද්‍යාලය

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් 2019 ඔක්තෝබර් 28 වන දින පන්ජාබ් පළාතේ නන්ගනා සාහිබ් හි බාබා ගුරු නානාක් විශ්ව විද්‍යාලයේ අඩිතාලම දැමීය.පන්ජාබි සහ ඛල්සා භාෂා කෙරෙහි අවධානය යොමු කරන පළමු විශ්ව විද්‍යාලය මෙය වේ.මෙම විශ්ව විද්‍යාලය විසින් බාබා ගුරු නානාක්ගේ ජීවිතය පිළිබඳ පර්යේෂණ හා අධ්‍යයන කටයුතු සිදුකරනු ඇත. පාකිස්තානයේ සහ විදේශයන්හි පිහිටි සීක් ප්‍රජාව සඳහා ප්‍රජා මධ්‍යස්ථානයක් ලෙස සේවය කිරීමට අමතරව රටේ ආගමික සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට ද මෙම විශ්වවිද්‍යාලය කටයුතු කරනු ඇත.

සමරු කාසිය, මුද්දරය සහ ගීතය

කර්තර්පූර් කොරිඩෝව විවෘත කිරීම සනිටුහන් කිරීම සඳහා ගුර්ද්වරා කර්තර්පූර් සාහිබ් වෙත පැමිණෙන බැතිමතුන් සඳහා පාකිස්තාන රජය විසින් සමරු තැපැල් මුද්දරයක් සහ කාසියක් නිකුත් කර තිබේ.පාකිස්තාන රජය සීක් බැතිමතුන් පිළිගැනීම සඳහා නිල ගීතයක් ද හඳුන්වා දී තිබේ.

කොරිඩෝව විවෘත කිරීම

අගමැති ඉම්රාන් ඛාන් 2019 නොවැම්බර් 9 වන දින කර්තර්පූර් කොරිඩෝව විවෘත කිරීමට නියමිතය.කලාපයේ සාමය හා සමගිය ප්‍රවර්ධනය කිරීම සඳහා දියත් කරන ලද මෙම සුවිශේෂී ව්‍යාපෘතිය සීක් ප්‍රජාවට තෑග්ගක් ලෙස පාකිස්තානය විසින් පූර්ණ අරමුදල් සම්පාදනය කර ක්‍රියාත්මක කරනු ලැබේ.කොරිඩෝව විවෘත කරන දිනයේදී සහ බාබා ගුරු නානාක්ගේ 550 වන උපන්දින දිනයේදී පාකිස්තානයට පැමිණෙන බැතිමතුන් සඳහා විදේශ ගමන් බලපත්‍ර සහ අදාළ ගාස්තු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් විසින් ඉවත්කර තිබීම විශේෂත්වයකි.

(ලේඛකයා කොළඹ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ මාධ්‍යවේදියෙකි)

Related posts

அதிபர் போட்டி பரீட்சையில் கையடக்க தொலைபேசிகளுடன் மூவர்

Mohamed Dilsad

பிரித்தானிய பாதுகாப்புச் செயலாளர் கவின் வில்லியம்சன் பதவி நீக்கம்

Mohamed Dilsad

Parliament unrest Inquiry Committee to convene today

Mohamed Dilsad

Leave a Comment