ප්‍රමුඛ පුවත 1

බ්‍රිගේඩියර් ප්‍රියංකගෙ නඩුව දෙසැම්බරයට කල් යයි

(UTV | කොළඹ) –   එංගලන්තයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂාව පිළිබඳව උප තානාපතිවරයෙකු ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව වෙස්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබූ නඩුව දෙසැම්බර් මස 06 වනදා දක්වා කල් දමා තිබේ.

පසුගිය වසරේදී ලන්ඩන් ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ පැවැති නිදහස් දින සමරු උත්සවයට බාධා කරමින් තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ කළ එල්.ටී.ටී.ඊ. හිතවාදීන් වෙත එවකට ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක නිලයේ කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක අභිනයකින් ඔවුන්ට මරණ තර්ජන සිදු කළැයි පවසමින් ඔහුට එරෙහිව නඩු පවරනු ලැබීය.

අදාළ නඩුව වසරකටත් වැඩි කාලයක් වෙස්ට්මිනිස්ටර් අධිකරණයේ විභාගයට ගැනුණු අතර ශ්‍රී ලංකා රජය විසින් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය හරහා බ්‍රිතාන්‍ය රජයට දැන්වූයේ බ්‍රිගේඩියර්වරයාට රාජතාන්ත්‍රික මුක්තිය ඇති බැවින් ඔහුට එරෙහිව නඩු පැවරීම හෝ අධිකරණ නියෝග ලබා දීම සිදු කළ නොහැකි බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සිර දඬුවම් නියමවූ හිටපු නියෝජ්‍ය පොලිස්පතිට ඇප මත මුදාහැරේ

Mohamed Dilsad

රොහාන් දළුවත්ත මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

ඉරිඟු මෙටි‍්‍රක් ටොන් 80,000ක් ආනයනයට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment