Trending News

මීතොටමුල්ල හානි පිළිබඳ සමාලෝචනයට විශේෂ සාකච්ඡාවක්

(උදයම්,කොළඹ)   – මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් සිදුවූ හානි පිළිබඳ සොයා බැලීමට සහ විපතට පත් ජනතාවගේ සුබසාධන කටයුතු පිළිබද සොයා බැලීම සඳහා අද විශේෂ හමුවක් කැඳවා තිබේ.

අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්වීමට නියමිතය.

මෙහිදී කුණු කන්ද නාය යාමෙන් විපතට පත් ජනතාවට නිවාස ලබාදීමේ වැඩපිළිවෙල පිළිබදව ද ඉදිරිපත් වී ඇති යෝජනා දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතය.

මෙම හමුව සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් මෙන්ම ආරක්ෂක අංශ ප්‍රධානීන් ද එක්වීමට නියමිත බව වාර්තාවේ.

Related posts

No request made to Switzerland to extradite IP Nishantha

Mohamed Dilsad

எதிர்க்கட்சி தலைவர் பதவியில் மாற்றமில்லை

Mohamed Dilsad

Rainy condition expected to enhance – Met. Department

Mohamed Dilsad

Leave a Comment