ප්‍රමුඛ පුවත 1

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නව ජනපතිව අමතා සුභ පතයි [VIDEO]

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 7 වන ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම සම්බන්ධයෙන් පාකිස්ථාන් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ගෝඨාභය රාජපක්ෂ මහතාව අමතා සුභාශිංසන පළකර ඇත.

ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වය හා දැක්ම කෙරෙහි ශ්‍රී ලංකා ජනතාව දැක්වූ විශ්වාසය මෙම මැතිවරණයෙන් පිළිබිඹු වන බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

ඔහුගේ භාරකාරත්වය යටතේ රට සහ එහි ජනතාව වැඩි සාර්ථකත්වයක් හා සමෘද්ධියක් අත්කර ගනු ඇතැයි පාකිස්ථාන් අගමැතිවරයා බලාපොරොත්තු වෙයි.

පකිස්ථාන – ශ්‍රී ලංකාවේ විශිෂ්ට ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව ද එහිදී සාකච්ඡා කර ඇත.

මීට අමතරව , නායකයන් දෙපළ විසින් විවිධ ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ එකිනෙකාගේ අභිලාෂයන් ද සාකච්ඡාවට බඳුන්කර ඇත.

පාකිස්ථාන් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට මෙහිදී සුහද ආරධනාවක් ද සිදුකර තිබෙන අතර , ජනාධිපතිවරයා විසින් එම ආරාධනය පිළිගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කටහඬ සාම්පලයේ පරීක්‍ෂණ වාර්තාව අධිකරණයට

Mohamed Dilsad

මධ්‍යම අධිවේගයේ පළමු අදියර මේ වසරේදී විවෘත කෙරේ .

Mohamed Dilsad

රත්ගම ව්‍යපාරික ඝාතනයට සම්බන්ද සැකකරුවන් 17දෙනා යලි රිමාන්ඩ්.

Mohamed Dilsad

Leave a Comment