(UTV | කොළඹ) – අද (20) රාත්‍රි 9 දක්වා බියගම ජල පවිත්‍රාගාරයේ හදිසි විදුලි බිද වැටීමක් හේතුවෙන් ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවා තිබේ.
පෑලියගොඩ, වත්තල – මාබෝල, ජා-ඇල, කටුනායක – සීදුව නගර සභා බල ප්‍රදේශවලට සහ කැළණිය, බියගම, මහර, දොම්පේ, ජා-ඇල යන ප්‍රාදේශීය සභා බලප්‍රදේශ වලට
මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇත.
ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ ගනේමුල්ල, රතුපස්වල, ඉහළ යාගොඩ, පහළ යාගොඩ, ඇඹරලූව සහ වැලිවේරිය යන ප්‍රදේශවලට ද මෙම කාලය තුළ ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර තිබේ.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]