ප්‍රමුඛ පුවත 1

කොකේන් ගිලූ කෙන්යානු කාන්තාවට අසාධ්‍යයි

 

(UTV | කොළඹ) – කොකේන් ගුලි තොගයක් ගිල දමා ශ්‍රී ලංකාවට පැමිණි කෙන්යානු ජාතික කාන්තාව ඒවා පිටතට ගැනීම සඳහා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කර සිටියදී ඇයගේ ආමාශය තුළ වූ ගුලි කීපයක් පුපුරා යෑමෙන් අසාධ්‍ය තත්වයට පත් වී එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර තිබේ.

තිස් පස් හැවිරිදි මෙම කෙන්යානු ජාතික කාන්තාව මුලින්ම කෙන්යාවේ නයිරෝබි සිට ඉතියෝපියාවේ අඩිස් අබාබා වෙත පැමිණ එතනින් මෙම කොකේන් මිලදීගෙන ඒවා උපත් පාලන කොපු තුළ බහා ගුලි වශයෙන් සකස්කර ගිල දමා තිබේ.

ඉන්පසු ඇය කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ එතැන් සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබුණි.

ඉකුත් 11/17 දින සවස 4.20 ට දෝහා සිට පැමිණි ගුවන් යානයෙන් ඇය මෙසේ කටුනායක ගුවන් තොටුපළ පැමිණ තිබුණි.

ඇය රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයක් පමණ වටිනා කොකේන් ගුලි 100 ක් පමණ ගිල දමා ඇති බව ස්කෑන් පරීක්ෂණවලදී අනාවරණය කරගෙන තිබේ.

ඇයගේ මෙම දීර්ඝ ගුවන් ගමන සඳහා දින ගණනාවක් ගතවී ඇති අතර එම කාලය අතරතුරදී ඇය විසින් ගිල දමා තිබූ කොකේන් ගුලි 30 ක් එළියට පැමිණ තිබුණි.

ඇය ඒවා ඇගේ ගමන් මල්ලේ සඟවා ගෙන ඇති අතර, ඇය අත් අඩංගුවට පත් වීමෙන් පසු මීගමුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව තවත් කොකේන් ගුලි 19 ක් පිටතට ගැනීමට වෛද්‍යවරු සමත් වී තිබුණි.

මේ වන විට තව දුරටත් ඇයගේ ආමාශය තුළ රුපියල් එක්කෝටි තිස්පන් ලක්ෂයක් පමණ වටිනා කොකේන් ගුලි 51 ක් පමණ ඇති අතර ඒවායින් කීපයක් 11/19 දින රාත්‍රී ඇයගේ ආමාශය තුළ දී පුපුරා යන්නට ඇතැයි මීගමුව මහ රෝහලේ වෛද්‍යවරුන් සැක පහළ කරති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපති අපේක්ෂකයා ගැන අගමැති සුළු පක්ෂ මතය විමසීමට යයි

Mohamed Dilsad

තවත් නාවිකයින් 4 දෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නෑ

Mohamed Dilsad

Leave a Comment