ප්‍රමුඛ පුවත 1

රටේ ආරක්‍ෂාව ගැන සැලකිලිමත් වන්නැයි ආරක්‍ෂක ලේකම්ගෙන් නිවේදනයක්

(UTV | කොළඹ) – ඉදිරි දින වලදී රටේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙස හමුදාව පොලිසියට උපදෙස් ලබා දී තිබේ.

ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසින් වැඩබලන පොලිස්පති සී ඩී වික්‍රමරත්නට උපදෙස් ලබා දී ඇත

ජනාධිපතිවරණයෙන් පසු රටේ ඇති වු දේශපාලනික වෙනස් වීම් සමඟ පැහැරගෙන යාම්, බියවැද්දිම් සහ දේශපාලනික පළිගැනිම් සිදුවෙනු ඇති බවට රටේ ජනතාව අතර අනිසි බියක් ඇති නොවිය යුතු බව ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දෙයි.

මේ නිසා රටපුරා ආරක්ෂාව සම්බන්ධයෙන් අදාළ  ප්‍රදේශයන් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්, පොලිස් අධිකාරීවරුන්,  සහකාර පොලිස් අධිකාරීවරුන් සහ අදාල ස්ථානභාර ස්ථානාධිපතිවරුන් වගකිව යුතු බවට වැඩබලන පොලිස්පතිවරයා හරහා ආරක්ෂක ලේකම්වරයා විසින් දැනුම් දීමක් සිදු කර ඇත.

කිසිදු ජාති ,ආගම් හෝ පක්ෂ භේදයකින් තොරව සැමට සාමකාමී ලෙස ජීවත්විය හැකි වාතාවරණයක් සකස්  කිරීම ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතාගේ දර්ශණයයි.

මේ හේතුවෙන් සාමාන්‍ය ජනතාවට කිසිදු බියකින් හෝ සැකයකින් තොරව එදින් එදා වැඩකටයුතු සිදුකරගෙන යා හැකි බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

යම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් සාමය කඩවන පරිදි ක්‍රියා කළහොත් තරා තිරම නොබලා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද ආරක්ෂක ලේකම්වරයා උපදෙස් සියළු අංශ වෙත ලබා දී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගැසට් නිවේදනය නොතකා දුම්රිය සේවකයින් වර්ජනයේ

Mohamed Dilsad

අයිස් සමඟ ඉන්දියානුවෙක් කටුනායක දී අත්අඩංගුවට

Mohamed Dilsad

අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රී රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment