Trending News

(Tamiflu)ටැමිෆ්ලු ඖෂධයේ කිසිදු හිඟයක් නොමැති බව සෞඛ්‍ය අංශය අවධාරණය කරයි

(උදයම්,කොළඹ)  – ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සදහා ලබාදෙන ටැමිෆ්ලු ඖෂධයේ කිසිදු හිඟයක් නොමැති බව ) සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මාධ්‍ය සාකච්ඡාවක් සහ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ ඩෙංගු, වෛරස් උණ සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සදහා භාවිතා කරන ටැමිෆ්ලු ඖෂධයේ හිඟයක් ඇති බවත්, ගබඩා කර තබා නොගෙන රෝහල්වෙත ඛෙදා හරින ලෙසත් ය.
ටැමිෆ්ලු  ඖෂධය භාවිතා කරන්නේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සදහා පමණක් බවත්, එය ඩෙංගු සහ වෛරස් උණ රෝගීන් සදහා භාවිතා නොකරන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
මෙම ටැමිෆ්ලු ඖෂධය ලබාදෙන්නේ අත්‍යාවශ්‍යම රෝගියෙකුට විශේෂඥ වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත පමණි. තව ද මෙම ඖෂධය බෙදාහරිනු ලබන්නේ වසංගත රෝග ඒකකයේ සෘජු අධීක්ෂණය යටතේ වන අතර, රෝහල්වලට ලබාදී ඇති ඖෂධ පාවිචිචි කරන ප්‍රමාණයට අනුරූපව නැවත කඩිනමින් ප්‍රතිපුර්ණය කරනු ලැබෙි.

මේ වනවිටත් රෝහල් වලට අවශ්‍ය පරිදි සහ එම රෝහල්වලින් කර ඇති ඉල්ලීම් පරිදි ටැමිෆ්ලු ඖෂධය ප්‍රමාණවත් පරිදි රෝහල් වෙත ලබා දී ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.

තවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ටැමිෆ්ලු ඖෂධයේ හිඟයක් ඇති බවට කරන චෝදනාව සම්පුර්ණ අසත්‍යයක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

 සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඖෂධ හිඟයකින් තොරව රෝහල්වලට ලබාදෙන ලෙස නියෝග කර ඇති බවත්, එම උපදෙස් පරිදි හිඟයකින් තොරව එම ඖෂධ ලබාදීමට කටයුතු කර ඇති බවත් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Related posts

“UNP to split into three factions soon” – Lakshman Yapa

Mohamed Dilsad

Waititi’s “Akira” set for 21 May, 2021

Mohamed Dilsad

Motorcycle riders wearing full-face helmets can be prosecuted under Emergency Law

Mohamed Dilsad

Leave a Comment