ප්‍රමුඛ පුවත 1

මිය ගොස් සිටි පොලිස් සැරයන්වරයන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද

(උදයම්,අනුරාධපුරය)  –  රජකාරියේ නිරතව සිටියදී අතුරුදන්ව පසුව කලාඔය නීලබැම්ම ප්‍රදේශයේ තිබී සොයා ගත් පොලිස් සැරයන්වරයාගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද සිදුකිරීමට නියමිතය.

මෙම පොලිස් සැරයන්වරයා සිය දිවි හානි කර ගත්තේ ද නොඑසේ නම් මෙය ඝාතනයක් ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැත.

තම රාජකාරී ගිනි අවිය සමඟ පසුගිය අප්‍රේල් 4 වන දා සිට අතුරුදන්ව සිටි අනුරාධපුර පොලීසියේ කොස්තාපල්වරයාගේ හිසේ කොටස් පුත්තලම – නීලබැම්ම ඇළ අසළ කුඩා වළක තිබී පෙරේදා හමු විය.

පසුව පෙරේදා දිනයේදී වනාන්තර ප්‍රදේශයේ තිබී ඔහුගේ හිස සුන් මළ සිරුර සොයා ගත්තේය.

මේ අතර මෙමෙ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් දෙදෙනෙක් පරීක්ෂණ පවත් වන බව පොලිසිය පවසයි.

Related posts

නාලක ද සිල්වා ලබන 30 දක්වා යළිත් රිමාන්ඩ්…

Mohamed Dilsad

කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළ යයි

Mohamed Dilsad

හිටපු ජනපතිගේ බාල සොහොයුරිය අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment