ප්‍රමුඛ පුවත 1

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අනිද්දා (24) පෙරවරු 8.00 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ කැළණි ගඟ දකුණු ඉවුර ව්‍යාපෘතියේ ජල නළ පද්ධතියේ සිදුකෙරෙන අලූත්වැඩියාවක් හේතුවෙන්

ඒ අනුව කටුනායක – සීදුව, ජාඇල නගර සභාව, වත්තල – මාබෝල නගර සභාවේ කොටසක් වන මාබෝල ප්‍රදේශයට මෙලෙස ජල සැපයුම අත්හිටුවේ.

එසේම, ජාඇල සහ වත්තල ප්‍රාදේශීය සභාවලට අයත් වැලිසර, කෙරවළපිටිය, දික් ඕවිට, මාටාගොඩ, බෝපිටිය, උස්වැටකෙයියාව, රාගම, වල්පොල, බටුවත්ත, බුළුගහගොඩ, හොරපේ, බන්ධනාගාර පාර, කුරුකුලාව, පොල්ගහහේන, ජයශ්‍රීගම සහ බෝයිස්ටවුන් යන ප්‍රදේශවලට ද මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වර්ජනයේ නිරත ජල සම්පාදන සේවකයින් අද කොළඹට

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර රත්‍රං ජාවාරමක තොරතුරු

Mohamed Dilsad

ශ්‍රී.ල.නි.ප සහ පොදු ජන පෙරමුණේ දෙවන නිල සාකච්ඡා ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment