ප්‍රමුඛ පුවත 1

නව රජ‍යේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි [VIDEO]

(UTV | කොළඹ) – නව අන්තර් කාලීන කැබිනට් මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (22) පෙරවරුවේ දිව්රුම්දෙනු ලැබුවා. අගමැතිවරයා ඇතුළු 16 දෙනෙකුගෙන් මෙම කැබිනට් මණ්ඩලය සමන්විත වෙනවා.

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අද පෙරවරු 9 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ කෙරුනා.

එහිදී කැබිනට් මණ්ඩලයේ 16 දෙනෙකුගෙන් යුක්ත නාමාවලිය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණු අතර කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් සාමූහික ප්‍රතිඥාව ලබාදීමද මෙහිදී සිදුකෙරුණා.

ඉන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම ආරම්භ කෙරුණා.

ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන, බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු, නාගරික සංවර්ධන ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.

නිමල් සිරිපාල ද සිල්වා මහතා අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් අතර ආරුමුගන් තොණ්ඩමන් මහතා ප්‍රජා සවිබල ගැන්වීම් හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ලැබුවා.

විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙනු ලැබුවේ දිනේෂ් ගුණවර්ධන මහතායි.

ඩග්ලස් දේවානන්ද මහතා ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ධුරයේදි දිවුරුම් දුන් අතර පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ, සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍යවරිය ලෙස දිවුරුම් දෙනු ලැබුවා.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ බන්දුල ගුණවර්ධන මහතායි.

ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පලාත් පාලන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර, චමල් රාජපක්ෂ මහතා මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන, අභ්‍යන්තර වෙළඳ ආහාර සුරක්ෂිතතාව හා පාරිභෝගික සුබසාධන අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා.

අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ ඩලස් අලහප්පෙරුම මහතායි. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මාර්ග හා මහා මාර්ග, වරාය හා නාවික කටයුතු අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ලැබුවා.

විමල් වීරවංශ මහතා දිවුරුම් දෙනු ලැබුවේ කුඩා හා මධ්‍ය පරිමාණ, ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත සහ සැපයුම් කළමණාකරන අමාත්‍යවරයා ලෙසයි. මහින්ද අමරවීර මහතා මගී ප්‍රවාහන කළමණාකරන, විදුලි බල හාබල ශක්ති අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ලැබුවා.

එස්.එම් චන්ද්‍රසේන මහතා පරිසර හා වන ජීවි සම්පත්, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් අතර රමේෂ් පතිරණ මහතා වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ලැබුවා.

ප්‍රසන්න රණතුංග මහතා කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ලැබුවා.

අමාත්‍යවරුන්ගේ දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා උත්සව සභාව ඇමතුවා.

Related posts

දිවයින අභ්‍යන්තරයේ සහ මුහුදු ප්‍රදේශවල පවතින සුළගේ වේගය අඩුවන් ලකුණු

Mohamed Dilsad

ගිනිඅවි සඳහා වාර්ෂික බලපත්‍ර නිකුත් කිරීම ලබන මස සිට

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක්..

Mohamed Dilsad

Leave a Comment