ප්‍රමුඛ පුවත 1

මහල් 75 කින් යුත් ශී‍්‍ර ලංකාවේ උසම ගොඩනැගිල්ල ඉදිකිරීම ඇරඹේ

(උදයම්,කොළඹ)  – මහානගර සංවර්ධන සැලැස්මට අනුව ශ‍්‍රී ලංකාවේ ඉදිවන විශාලතම නේවාසික ගොඩනැගිල්ලට මුල්ගල තැබීම මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

නො. 37, හෝර්ටන් පෙදෙසකොළඹ 07 යන ස්ථානයෙහි ඇමරිකානු ඩොලර් මිලියන 250 ක වියදමින් මෙම ගොඩනැගිල්ල ඉදිවන අතරමහල් 75 කින් සමන්විතය.

මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු 2020 වන විට අවසන් කිරීමට නියමිත අතර හෝර්ටන් ස්කවෙයාර් (Horton Square) පුද්ගලික සමාගම මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබයි.

නවීන පහසුකම්වලින් සමන්විත මෙම අති නවීන නිවාස සංකීර්ණය මෙරට ඉදිවන උසින් වැඩිම ගොඩනැගිල්ල වේ. මෙය  දැනට ඉදිවෙමින් පවතින නෙළුම් කුළුණටත් වඩා වැඩි උසකින් යුතුව ගොඩනැගෙනු ඇත.

මහානගර සංවර්ධන සැලසුමට අනුව තවත් නේවාසික ගොඩනැගිලි තුනක ඉදිකිරීම් කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇත.

මෙම අවස්ථාවට මහානගර සහ බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නහෝර්ටන් ස්කවෙයාර් පුද්ගලික සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී පෝල් කෙලීනාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂක ජනරාල් ඉංජි. සුමේධ රත්නායක යන මහත්වරුන් ද සහභාගී වූහ.

Related posts

ගෝඨාභය රනිල් මුණගැසීමට අරලියගහ මන්දිරයට

Mohamed Dilsad

හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගනී

Mohamed Dilsad

හැකිනම් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බව හිටපු ජනපති අභියෝග කරයි

Mohamed Dilsad

Leave a Comment