ප්‍රමුඛ පුවත 1

දෙසැම්බර් 3 පාර්ලිමේන්තුව රැස්වෙයි

(UTV | කොළඹ) – දෙසැම්බර් තුන්වනදා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවත් දැනට පත් කර ඇති අමාත්‍ය මණ්ඩලය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ආසන පනවා අවසන් බවත් වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරියේදී පත් කිරීමට නියමිත රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් වෙනුවෙන් ද ආසන පැනවීමට කටයුතු කරන බවයි.

කෙසේ නමුත් මේ වන තෙක් විපක්ෂ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, සභානායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, වැනි තනතුරු සඳහා මෙතෙක් පත් කිරීම් සිදු කර නැති බව සඳහන් වේ.

මීට අමතරව, වේත්‍රධාරීවරයා වැඩිදුරටත් පැවසුවේ පාර්ලිමේන්තුව වාරඅවසාන කිරීමේ සූදානමක් සම්බන්ධයෙන්ද නිල නොවන තොරතුරු ලැබී ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතික ගමනාගමන කොමිෂන් සභාවට සංදේශයක් බාර දීමට සුදානම්

Mohamed Dilsad

අදත් විටින් විට වැසි

Mohamed Dilsad

තැපැල්පතිවරයාගේ විශේෂ නිවේදනය

Mohamed Dilsad

Leave a Comment