ක්‍රීඩා

අබුඩාබි T 10 ලීග් ශූරතාව මරාතා ඇරබියන්ස් කණ්ඩායමට

(UTV | කොළඹ) – 2019 අබුඩාබි ටී ටෙන් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරාජය කරමින් ශුරතාව දිනාගැනීමට මරාතා ඇරබියන්ස් කණ්ඩායම ඊයේ (24) සමත්විය.

මරාතා ඇරබියන්ස් කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන ලසිත් මාලිංග, කසුන් රාජිත සහ දසුන් ශානක සහභාගී වුණි.

තරඟයේ කාසියේ වාසිය දිනූ මරාතා ඇරබියන්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ආරාධනා කළේය.

ඔවුන් නියමිත පන්දුවාර 10 දී කඩුළු 08 කට ලකුණු 87 ක් රැස්කල අතර කසුන් රාජිත නියමිත පන්දුවාර 02 දී ලකුණු 15 කට එක් කඩුල්ලක් බිඳ හෙළුවේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මරාතා ඇරබියන්ස් කණ්ඩායම පන්දුවාර 7 යි පන්දු 2 ක් අවසානයේ කඩුළු 02 කට ලකුණු 89 ක් රැස්කර ගෙන ජයග්‍රහණය කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විස්සයි – 20 තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් වෙයි..

Mohamed Dilsad

ත්‍රස්ත ප්‍රහාරයක් ගැන පාකිස්ථාන ක්‍රිකට් ආයතනයට ලැබුණු පණිවිඩය

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාව කඩුලූ 7කින් ජයග්‍රහණයට

Mohamed Dilsad

Leave a Comment