විදෙස්

විකිලීක්ස් නිර්මාතෘගේ තත්ත්වය බරපතල බව හෙළි වෙයි.

(UTV | කොළඹ) – බන්ධනාගාරගත කර සිටින විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ඇති බව සඳහන් කරමින් වෛද්‍යවරු 60 දෙනෙකු විවෘත ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබේ.

ඒ අනුව ඔහු බන්ධනාගාරය තුළදීම මරණයට පත්විය හැකි තරම් අසාධ්‍ය තත්වයක පසුවන බව එම වෛද්‍යවරුන් පෙන්වා දී ඇත.

බ්‍රිතාන්යනයෙ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍යය, ස්වීඩනය, ඉතාලිය, ජර්මනිය, ශ්‍රී ලංකාව සහ පෝලන්ත යන රටවල් නියෝජනය කරමින් වෛද්‍යවරු 60 දෙනෙකු මෙලෙස අදාළ ලිපිය යොමු කර ඇති බවයි.

මේ වනවිට 48 වන වියේ පසුවන ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු වන ජූලියන් අසාන්ජ් ලන්ඩනයේ බෙල්මාෂ් බන්ධනාගාරයේ රඳවා සිටි.

මේ අනුව ඔහු එම බන්ධනාගාරයෙන් විශ්වවිද්‍යාල ශික්ෂණ රෝහලක් වෙත මාරුකර යවන ලෙස මෙම වෛද්‍යවරුන් එම ලිපිය මගින් ඉල්ලා තිබේ.

ජූලියන් අසාන්ජ් පසුගිය අප්‍රේල් මාසයේදී බ්‍රිතාන්‍යයේදි අත්අඩංගුවට ගනු ලැබුවේ ලන්ඩනයේ ඉක්වදෝර තානාපති කාර්යාලයේ රැකවරණය යටතේ වසර 7 ක් රැදී සිටීමෙන් පසුවයි.

ලබන පෙබරවාරි මාසයේදී මෙම නඩු විභාගය පැවැත්වීමට නියමිත අතර ඒ වන විට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අවිනිශ්චිත බව  වෛද්‍යවරුන් පවසයි.

ඔත්තු බැලීමේ චෝදනාව මත ඇමරිකාවද ජූලියන් අසාන්ජ්ට වසර 175 ක සිර දඬුවම් නියම කර ඇති අතර බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කරන ලෙස ඉල්ලීමක්ද කර ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමරිකාවේ ටික්ටොක් සහ වී – චැට් තහනම් අද මැදියමේ සිට

Mohamed Dilsad

ඇමෙරිකාව 59 වන ජනාධිපතිවරණයට සුදානම්

Mohamed Dilsad

කැනඩා අගමැති බිරිඳටත් කොරෝනා ඇති බවට තහවුරු වෙයි

Mohamed Dilsad

Leave a Comment