ප්‍රමුඛ පුවත 1

වැරදිකරුවන්ට විනය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට වෙන්නේ නැහැ

 

(UTV | කොළඹ) –  තම සංවිධානයේ සියලුම නිලයන් අතර ඉහළම විනය සහතික කරන බවත්, ඕනෑම තත්ත්වයක් යටතේ වැරදිකරුවන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවත් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ඉන්දීය භාරත් ශක්ති පුවත් සේවයේ නිටින් ගෝක්ලේ මහතා සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවැසීය.

ජාතික ආරක්ෂාව, ජාතිය ගොඩනැගීම, ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය, නිපුණ වෘත්තිය භාවය සහ වෘත්තීය ප්‍රගතිය වැඩිදියුණු කිරීම මගින් යුද හමුදා සාමාජිකයින්ගේ සහ පවුල්වල සුභසාධනය සිදුකරන බවද යුද හමුදාපතිවරයා එහිදී සඳහන් කළේය.

එමෙන්ම හමුදා නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් සහ විශ්‍රාම ගැන්වීමේ කටයුතු ප්‍රමුඛත්වයක් මත සිදු කිරීම තම අපේක්‍ෂාව බවද ඔහු අවධාරණය කරයි.

2009 වසරේ දී මානුෂීය මෙහෙයුම අවසන් වීමත් සමඟ යුද හමුදාව පීඩාවට පත් ජනතාවගේ යහපත උදෙසා වෙහෙස නොබලා කටයුතු කළ ආකාරය සහ පශ්චාත් යුද සමයේ ජාතිය ගොඩනැඟිමේ ව්‍යාපෘති මෙන්ම සංවර්ධනය සඳහා දැක්වූ කැපවීම සහ සහයෝගීතාවය පිළිබඳව යුද හමුදාධිපතිවරයා මෙහිදී කරුණු පැහැදිලි කළේය.

තවද උද්ගතව ඇති තත්ත්වයන් හඳුනාගෙන සාම්ප්‍රදායික නොවන තර්ජන සහ වෙනත් අභියෝගයන්ට මෙන්ම අනාගතයේදී ඇතිවිය හැකි ඕනෑම හදිසි අවස්ථාවක තම හමුදාව සූදානම් කර තැබීමට සැලසුම් කර ඇති බවද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට ඇප [UPDATE]

Mohamed Dilsad

යළිත් නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

Mohamed Dilsad

“ජාතික ආරක්ෂාව යනු පෞද්ගලික ආරක්ෂාව නොවේ” – මහේෂ් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment