ප්‍රමුඛ පුවත 1

ලොකු ලූණු හිඟය පිළිබඳව අවධානය

 

(UTV | කොළඹ) – කෘෂිකර්ම, ආහාර සුරක්‍ෂිතතා සහ පාරිභෝගික සුබසාධන අමාත්‍ය චමල් රාජපක්‍ෂ පවසන ආකාරයට එළඹෙන උත්සව සමයේදී ඇති විය හැකි බවට මත පළ වන ලොකු ලූණු හිඟය පිළිබඳව වහාම අවධානය යොමු කිරීමට නියමිත වේ.

අදාළ නිලධාරින් සමග ඒ පිළිබඳ සාකච්ඡා කර සුදුසු විකල්ප වහාම කි‍්‍රයාවට නංවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

ලෝක වෙළදපොළෙහි ලොකු ලූනු අවශ්‍යතාවයෙන් සියයට 80 ක්ම සපයන්නේ ඉන්දියාව වන අතර ශී‍්‍ර ලංකාවද ඉන්දියාවෙන් ලොකු ලූනු ආනයනය කරනු ලබයි.

මෙවර කන්නයේ අස්වැන්න වර්ෂාව නිසා විනාශ වීම හේතුකොටගෙන ඔක්තෝම්බර්, නොවැම්බර් සහ දෙසැම්බර් යන මාසවලදී අනිකුත් වර්ෂ වල මෙන් ඉන්දියාව එක් කන්නයක සිය ලොකු අස්වැන්න නෙළා ගන්නා ප්‍රමාණය මෙම වසර තුළ සිදු කර ගැනීමට නොහැකි විය.

ඒ අනුව ඉන්දියාව ලොකු ලූණු අපනයනය නවතා දැමීමටද කටයුතු කර ඇති අතර වෙනත් රටවලින් ලොකු ලූණු ආනයනය කිරීමටද පටන් ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

ශී‍්‍ර ලංකාවේ සාමාන්‍ය අවශ්‍යතාව සඳහා සතියකට ලොකු ලූණු මෙටි‍්‍රක් ටොන් 5,000 ක් පමණ ආනයනය කෙරේ.

ඉන්දියාව ලොකු ලූණු අපනයනය නවතා දැමීමෙන් පසු ශී‍්‍ර ලංකාව පළමු විකල්පය ලෙස තෝරාගත්තේ පාකිස්තානය සහ ඊජිප්තුව වන අතර එම රටවල් දෙකේද ලොකු ලූණු තොග මේ වනවිට අවසන් වෙමින් තිබෙන බවට වාර්තා වේ.

ලොකු ලූණු අපනයනය කරන චීනය, තුර්කිය, ඉරානය යන රටවලද ලොකු ලූණු තොග අවසන් වෙමින් තිබෙන බව වෙළඳපොල වාර්තා පවසයි.

නෙදර්ලන්තයේ පමණක් ලොකු ලූණු තොග යම් ප‍්‍රමාණයක් තවමත් ඉතිරි වී තිබෙන අතර ශී‍්‍ර ලංකාවට දැන් වැඩි වශයෙන් ලොකු ලූණු ආනයනය කෙරෙන්නේ නෙදර්ලන්තයෙනි.

පවතින හිඟය හේතුවෙන් ලෝක වෙළඳපොළේ ලොකු ලූණු මිල ඉහළ යාමක්ද සිදුව තිබෙන අතර නෙදර්ලන්තයෙන් ලොකු ලූණු ආනයනය කෙරෙන්නේ ටොන් එකක් අමෙරිකානු ඩොලර් 850කට වේ.

ඒ අනුව ලොකු ලූණු කිලෝග‍්‍රෑම් එකක මිල ශී‍්‍ර ලංකාවට ගෙන්වන විටම මේ වනවිට රුපියල් 160 ක් පමණ වන බව වෙළඳපොල වාර්තා වැඩිදුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තමා වෙනුවෙන් කටයුතු කළ සියල්ලන්ටම ස්තූතියි – සජිත් ප්‍රේමදාස

Mohamed Dilsad

IMF පස් වන ණය වාරිකය ශ්‍රී ලංකාවට අනුමත වෙයිද?

Mohamed Dilsad

දුම්රිය වර්ජනය අත්හරී

Mohamed Dilsad

Leave a Comment