කලා

කාජල් හා අජේ දේව්ගන් ‘ටන්හාජි’ තුළින් එක්වෙයි

 

(UTV | කොළඹ) –  බොලිවුඩ් පුරවරයේ සිටින අතිශය ආදරණීය වගේම ජනප්‍රිය යුවළක් වන කාජල් හා අජේ දේව්ගන් එකට රංගනයේ යෙදෙන චිත්‍රපටයක් එළඹෙන වසරේ තිරගත වීමට නියමිතව තිබේ.

මෙහි තිබෙන විශේෂත්වය වන්නේ වසර 11 කට පමණ පසුව මෙම යුවළ එක චිත්‍රපටයක් සඳහා පෙනී සිටීමයි.

ඒ ඕම් රවුත් විසින් අධ්‍යක්ෂණය කරන ‘ටන්හාජි’චිත්‍රපටය තුළිනි. මෙහි ඔවුන් දෙදෙනාට අමතරව සායිෆ් අලී ඛාන්ද පෙනී සිටියි.

අවසන් වරට කාජල් හා අජේ දේව්ගන් චිත්‍රපටයක පෙනී සිට ඇත්තේ 2008 වසරේදී වන අතර , ඒ අජේ දේව්ගන් විසින් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කරන ලද ‘යූ මී අවර් හම්’චිත්‍රපටය තුළිනි.

ඉන්දීය රුපියල් කෝටි 25 ක් වැය කරමින් නිර්මාණය වූ මෙම චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 45 ක ආදායමක් උපයාගන්නට සමත් විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනප්‍රිය නළුවාගෙන් නිවේදකයාට කනේ පහරක්

Mohamed Dilsad

2017 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම විදේශීය චිත්‍රපටය

Mohamed Dilsad

ඩ්වේන් ජොන්සන් සුපිරි චරිතයකින් රසිකයන් අතරට

Mohamed Dilsad

Leave a Comment