ප්‍රමුඛ පුවත 1

මැතිවරණයකදී මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට සාකච්ජා

(UTV | කොළඹ) – ඉදිරි මැතිවරණ වඩාත් ස්වාධීන හා සාධාරණ ලෙස පැවැත්වීම තහවුරු කිරීම සඳහා මාධ්‍ය උපමාන නීතියක් ලෙස සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ සහාය ලබාදෙන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලා තිබේ.

මේ සඳහා වන යෝජනා ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන බවද මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

එමෙන්ම දැනට අත්හිටුවා ඇති පළාත් සභා මැතිවරණය ඉක්මනින්ම පැවැත්වීම සඳහා අවශ්‍යවන  රෙගුලාසි පාර්ලිමේන්තුවේදී හැකි ඉක්මනින් සම්මත කර  දෙන මෙන්ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියේය.

මෙයට අමතරව පසුගිය 2018 වසරේදී පැවැති පළාත් පාලන මැතිවරණයේදී හඳුනාගත් අඩුපාඩු නිවැරදි කර ගැනීම සඳහා වන නව සංශෝධන පළාත් පාලන මැතිවරණ පනතට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

පසුගිය ජනාධිපතිවරණය පැවැත්වුනු ආකාරය පිළිබඳව කථානායකවරයා දැනුම්වත් කිරීමට මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඊයේ (නොවැම්බර් 25) පාර්ලිමේන්තුවේදී කරු ජයසූරිය මහතා හමුවූ අවස්ථාවේදී ඉහත කරුණු සාකච්ජා විය.මැතිවරණ කොමිසමේ සෙසු සාමාජිකයින් වන නලින් ජයන්ත අබේසේකර,මහාචාර්ය රත්නජීවන් හූල් යන මහත්වරුන් සහ කොමිසමේ ලේකම් ටී.ඩී. හේරත් මහතා සහ මැතිවරණ කොමසාරිස් ජෙනරාල්  සමන් ශ්‍රී රත්නායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

කථානායක ජයසූරිය මහතා සමඟ පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා සහ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවල මහතාද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඉදිරි මැතිවරණ වඩාත් ස්වාධීනව හා සාධාරණව පැවැත්වීමට අවශ්‍ය වටපිටාව සැකසීමට අවශ්‍ය මාධ්‍ය උපමාන නීතියක් බවට පත්කිරීමට අවශ්‍ය සහයෝගය පාර්ලිමේන්තුව වෙතින් ලබාදීමට කටයුතු කරන බව කථානායකවරයා මෙහිදී සඳහන් කළේය.

එමෙන්ම පසුගිය ජනාධිපතිවරණය ස්වාධීන හා සාධාරණව පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව ගත් පියවර කථානායකවරයාගේ පැසසුමට ලක් විය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ දේශප්‍රිය මහතා යම් ලෙසකින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන මාර්තු 01 වැනිදායින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් සිදු කළහොත් 2020 අප්‍රි‍යෙල් මහ අගදී හෝ මැයි මුල් සතියේදී පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය හැකි බවද සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යාපනයේ සිදුවූ අනතුරකින් කාන්තාවක් මිය යයි.

Mohamed Dilsad

දිස්ත්‍රික් 09ක නායයෑම් අවදානම තවදුරටත්

Mohamed Dilsad

විශ්වාස භංගය දිනු පසු අගමැති කියන කතාව

Mohamed Dilsad

Leave a Comment