(UTV | කොළඹ) – මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට අතවශ්‍ය ඖෂධ වර්ග 30 ක බරපතල හිගයක් පවතින බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා පවසයි.

ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සැපයීමේ අංශයට පසුගිය මාස 8 දීම අත්‍යවශ්‍ය හිග ඖෂධ ලැයිස්තුවක් යවා ඇති අතර මේ සඳහා කිසිඳු ප්‍රතිචාරයක් ලබා නොදුන් බවයි.