ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය ඖෂධ සංස්ථාවේ දූෂණ සෙවීමට කොමිටියක් – සෞඛ්‍ය ඇමතිනී

 

(UTV | කොළඹ) –   රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළ රූමි මොහොමඩ් මහතා ඖෂධ ගෙන්වීමේදී හා බෙදාහැරීමේදී සිදු කොට ඇති දූෂණ, වංචා, මූල්‍ය අවභාවිතයන් සහ හොර රහසේම විදේශගතවීමට උත්සාහ දැරීම පිළිබදව මාධ්‍ය ඔස්සේ පළවූ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ දැඩි අවධානය යොමුව තිබේ.

අදාළ පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් කිසිවිටෙකත් මොහුට රට හැර පළා යාමට ඉඩ නොතබන බවත් ඒ පිළිබඳ අදාළ අංශ දැනුවත් කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරිය පැවැසීය.

ඖෂධ ගෙන්වීමේදී සහ බෙදාහැරීමේදී සිදු කොට ඇති බවට පැවැසෙන දූෂණ, වංචා, මූල්‍ය අවභාවිතයන් පිළිබඳ සොයා බැලීම සදහා විශේෂ විමර්ශන කොමිටියක් පත් කරන ලෙස තමන් අමාත්‍යාංශයේ ලේකම් වෙත දැනුම් දුන් බවත් ඊට අදාළ කටයුතු මේ වන විටත් සිදු වෙමින් පවතින බව ද අමාත්‍යවරිය අවධාරණය කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මේ සතියේ

Mohamed Dilsad

යළි දුම්රිය වර්ජනයක්

Mohamed Dilsad

ලංගම නව ගාස්තු මෙන්න

Mohamed Dilsad

Leave a Comment