ප්‍රමුඛ පුවත 1

අජිත් නිවාඩ් කබ්රාල්ට ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ධුරය

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශකවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත්කර තිබේ.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ 12 වැනි අධිපතිවරයා වන අතර වසර 2006 ජූලි මස සිට 2015 ජනවාරි මස දක්වා  ඔහු එම ධුරයේ කටයුතු කළේය.

ඔහු, වෘත්තියෙන් වරලත් ගණකාධිකාරීවරයෙකු වන අතර ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ හා දකුණු ආසියානු ගණකාධිකාරීවරුන්ගේ සම්මේලනයේ හිටපු සභාපතිවරයකුද වේ.

ඒ මහතා, ආයතනික පාලනය පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් උපදේශකවරයකුද වෙයි. ඔහු ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ පාලනයේ යහපුරුදු පිළිබඳ ව්‍යවස්ථා මාලාව වැඩිදියුණු කළ ඒකාබද්ධ පාලන කමිටුවේ හිටපු සභාපතිවරයාද විය.

එවකට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්වීමට පෙර, කබ්රාල් මහතා ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශකවරයෙකු ලෙස කටයුතු කර තිබේ.

–  [alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වෙඩි තැබීමේ සිද්ධියට එස්.බී.ගේ ආරක්ෂකයින් 2ක් අත්අඩංගුවට

Mohamed Dilsad

කඩු 6ක්,වායු රයිෆලයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවේ

Mohamed Dilsad

රුපියලේ අගය ස්ථාවර වෙයිද?

Mohamed Dilsad

Leave a Comment