ප්‍රමුඛ පුවත 1

රෝයල් පාර්ක් මිනීමැරුමේ වරදකරුට එරෙහි නඩුව සලකා බැලීම අද

 

(UTV | කොළඹ) –  රෝයල් පාර්ක් මිනීමැරුම් නඩුවේ වරදකරු ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණයට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතයි.

හිටපු ජනාධිපතිවරයා ගත් අදාල තීරණයෙන් මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව සඳහන් කරමින් කාන්තා මාධ්‍ය එකමුතුව සංවිධානය විසින් මෙම පෙත්සම ගොනුකරනු ලැබීය.

මෙම සංවිධානය විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කරමින් සඳහන්කර ඇත්තේ එම විත්තිකරු යළි අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරන ලෙසයි.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා , බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ආගමන විගමන පාලකවරයා ඇතුලු 10 දෙනෙකු නම් කර තිබේ.

රාජගිරිය රෝයල් පාර්ක්‌ සුපිරි නිවාස සංකීර්ණයේ පියගැට පෙළ මතදී 2005 වසරේ ජූනි 30 වෙනිදා 19 හැවිරිදි ඉවෝන් ජොන්සන් නමැති තරුණිය ගෙල සිර කර හිස පොළොවේ ගසා ඝාතනය කිරීමේ චෝදනාවට ජූඩ් ශ‍්‍රමන්ත ඇන්තනි ජයමහ එම වසරේදීම අත්අඩංගුවට ගැනිණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අධිවේගී මාර්ගයේ වේගය සීමා කරන්නැයි උපදෙස්

Mohamed Dilsad

චාමර සම්පත්ට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 25 සලකා බැලීමට සුදානම්

Mohamed Dilsad

ඉන්ද්‍රානි සේනාරත්නයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා

Mohamed Dilsad

Leave a Comment