ප්‍රමුඛ පුවත 1

ඉන්දියාවේ සාංචි පුදබිමේ නාමපුවරු සිංහල භාෂාවෙන්

(UTV | කොළඹ) – ඉන්දියාවේ සාංචි පුදබිමේ සියලු විස්තර පුවරු සහ නාමපුවරු සිංහල භාෂාවෙන් සවි කිරීමට ඉන්දීය මධ්‍යම රජය කටයුතු කර තිබේ.

එරට බෞද්ධ පූජනීය ස්ථානවල නාමපුවරු මේ වනවිට හින්දි සහ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ප්‍රදර්ශනය කර ඇති අතර, ඒවා සිංහල භාෂාවෙන්ද ප්‍රදර්ශනය කෙරුණු  ප්‍රථම අවස්ථාව මෙයයි.

ඒ අනුව ඉන්දියාවේ තිබෙන බෞද්ධ පූජනීය ස්ථාන අතරින් එම ස්ථානය පිළිබඳ හැඳින්වීමේ සිංහල භාෂා පුවරු සවි කරන ප්‍රථම ස්ථානය සාංචි පුදබිම් බවට පත් වෙනවා.

ඉන්දියාවේ සංස්කෘත හා සංචාරක අමාත්‍ය ප්‍රලාඩ් සින් පටෙල් (Prahlad Singh Patel) මහතා පසුගියදා සාංචි පුදබිම කළ සංචාරයකදී මේ පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා.

ඒ අනුව සිංහල නාමපුවරු සවි කරන ලෙස ඉන්දීය පුරා පුරාවිද්‍යා බලධාරීන්ට ඔහු නියෝගය කර තිබුණා.

සාංචි චේතියගිරි විහාරය සහ සාංචි මහාබෝධි සමාගම මගින් සාංචි පුදබිමේ පවත්වන මහාබෝධි මහෝත්සවයට සමගාමීව මෙම සිංහල නාමපුවරු විවෘත කිරීමද පසුගිය සති අන්තයේදී අමාත්‍ය ප්‍රලාඩ් සින් පටෙල්ගේ (Prahlad Singh Patel) ප්‍රධානත්වයෙන් සිදුකර තිබෙනවා.

හැඳින්වීමේ සහ විස්තර ප්‍රකාශිත පුවරු සිංහල භාෂාවෙන් සවි කරන බව ප්‍රලාඩ් සින් පටෙල්  මහතා පසුගියදා සාංචි පුදබිමේ පැවැති සාකච්ඡාවකින් අතරතුර ප්‍රකාශ කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අසත්‍ය ප්‍රචාර නිර්මාණය ගැන විපක්ෂ නායක කතා කරයි [VIDEO]

Mohamed Dilsad

ඉරානයේ පැවති ඔලිම්පියාඩ් තරගයෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ සංවර්ධනයට අදාළ සුවිශේෂී ගිවිසුම් තුනකට එළඹීමට ජනපති සහ චීනය සූදානම්

Mohamed Dilsad

Leave a Comment