ප්‍රමුඛ පුවත 1

ධූරයෙන් ඉල්ලා අස්වන බව මැතිවරණ කොමිසමේ සභාපති කියයි [LETTER]

 

(UTV| කොළඹ) –  තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව කථානායකවරයාට දන්වා තිබේ.

කථානායක මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා ඇත.

මහින්ද දේශප්‍රිය මහතා මෙම අවස්ථාවේදී ස්වකීය ධූරයෙන් ඉවත් නොවී පූර්ණ කාලයම එහි කටයුතු කිරීම සුදුසුය යන්න තම අදහස බව , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස මෙම ඉල්ලීම පිළිබඳව ප්‍රතිචාර දැක්වූ කථානායකවරයා සඳහන් කර සිටියේය.

පසුගිය ජනාධිපතිවරණය වෙනුවෙන් සභාපතිවරයාගේ නා‍යකත්වය යටතේ මැතිවරණ කොමිසන් සභාව ඉටුකළ විශිෂ්ඨ කාර්යභාරය ද කථානායකවරයා විසින් අගය කළේය.

 

Related posts

වාස් ඇතුළු පිරිසගේ මරණීය දණ්ඩනයට එරෙහි අභියාචනයට දින නියම කරයි..

Mohamed Dilsad

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

වීරවංශ මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි,07 වනදා දක්වා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment