ප්‍රමුඛ පුවත 1

ආපදා නිසා පුද්ගලයන් 2000 කට අධික පිරිසක් පීඩාවට

(UTV | කොළඹ) – මඩකළපුව දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශ ජලයෙන් යටවීමක් වාර්තා වූ බව ආපද කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ ආපදා හේතුවෙන් මේ වනවිට පුදගලයින් 2000කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටින අතර පුද්ගලයින් 300කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථානවල රැදී සිටින බවයි.

මේ වනවිට ඔවුන් සඳහා සියලු සහන සේවා ක්‍රියාත්මක බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මිට අමතරව, නුවරඑළිය වළපනේ ප්‍රදේශය ආශ්‍රිතව සිදු කරන ආපදා සහන මෙහෙයුම් සදහා උපරිම සහය ලබාදෙන බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පවසයි.

යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා සදහන් කලේ සෙබලුන් 30 කට ආසන්න පිරිසක් අදාල ප්‍රදේශවල සහන සේවා මෙහෙයුම් සදහා අනුයුක්ත කර ඇති බවයි.

සහන මෙහෙයුම් වල ස්වභාවය අනුව අවශ්‍ය වුවහොත් තවත් සෙබලුන් අනුයුක්ත කිරීමට සූදානම් බව සුමිත් අතපත්තු මහතා සදහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කෝටි 03 ක් වටිනා වාලම්පුරියක් සමඟ අයෙක් අත්අඩංගුවේ

Mohamed Dilsad

අලුගෝසු තනතුරට ඇමරිකානුවෙක් ඉල්ලුම් පත‍්‍රයක් එවයි…

Mohamed Dilsad

නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ විනය පියවර ගැන මධ්‍යම කාරක සභාවේදී තීරණයක්

Mohamed Dilsad

Leave a Comment