ප්‍රමුඛ පුවත 1

කාන්තා පොලිස් නිලධාරිනියන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට

 

(UTV | කොළඹ) – කාන්තා පොලිස් නිලධාරිනියන් හත්දෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබේ.

බඳවාගැනිමේ පටිපාටියට අදාළව සුදුසුකම් සම්පූර්ණ කර තිබූ පොලිස් අධිකාරී නිලයේ කටයුතු කළ නිලධාරිනියන් හත්දෙනෙකු සඳහා එම උසස්වීම් ලබාදීමට පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ලබා දී ඇත.

එලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කරන ලද නිලධාරිනියන් හත්දෙනා අතර, ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ලංකා අමරසේන, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා රේණුකා ජයසුන්දර ද වේ.

දැනට විශ්‍රාම ගොස් සිටින ප්‍රමිලා දිවාකර පොලිස් ඉතිහාසය තුළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ කටයුතු කර ඇත්තේ එක් නිලධාරිනිය වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වසන්ත කරන්නාගොඩගේ නඩුවට අදාල ලිපිගොනු ජනපති කොමිසම වෙත

Mohamed Dilsad

රනිල්ගේ සමුගැනීම ගැන අජිත් පී. පෙරේරා කතා කරයි [VIDEO]

Mohamed Dilsad

මැද්දේගම ති‍්‍රරෝද අනතුරින් අම්මායි දුවයි එතැනම මියයති

Mohamed Dilsad

Leave a Comment