ප්‍රමුඛ පුවත 1

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි තත්වයේ වැඩිවීමක්

 

(UTV | කොළඹ) – දිවයින අවට වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් උතුරු, නැගෙනහිර, උතුරු මැද, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය අද(03) රාත්‍රී කාලයේ සිට හෙට(04) සහ අනිද්දා(05) දිනයන්හි වැඩි වෙනබව කාලගුණ විද්‍යා දෙපාර්තමේතුව සඳහන් කරයි.

උතුරු, උතුරුමැද, නැගෙනහිර ,ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැසි‍ හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවෙන අතර, සෙසු ප්‍රදේශවල සවස් කාලයේ 1 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවෙන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර,මුලතිව්, නුවරඑළිය, බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100-150 පමණ තද වැසි ඇති වෙන අතර, උතුරු මැද, සබරගමුව, දකුණු පළාත්වල හා මාතලේ , මහනුවර , යාපනය , මන්නාරම, කිලිනොච්චි සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75-100ක පමණ තද වැසි ඇති වෙයි.

වයඹ සහ දකුණු පළාත්වල විටින් විට පැයට කිලෝමීටර 55 ක් වු තද වැසි ඇති වෙයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන ආකාරයට පවතින වර්ෂාපතනය දිවයිනේ ඇතැම් ස්ථානවලට තරමක අඩුවීමක් පෙන්නුම් කර තිබේ.

කෙසේ වෙතත් මේ වන විට පවුල් 4153ක පුද්ගලයින් 14164 ක් පීඩාවට පත්ව ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කරයි.

වලපනේ ප්‍රදේශයෙන් මරණ 3ක් වාර්තා වෙන අතර මේ වන විට වලපනේ මලපට්ටාව ප්‍රදේශයේ සිදුවූ නාය යාමෙන්, නිවසක එකම පවුලේ සාමාජිකයන් සිව් දෙනෙක් අතුරුදන් වු අතර එයින් එක් අයෙක් සොයා මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

ඒ සඳහා ත්‍රිවිධ හමුදාව හා පොලීසිය සිය සහයෝගයල ලබා දෙන බවත් පැවසු ඒ මහතා මේ වන විට ආපදා හේතුවෙන් පුද්ගලයින් 5 දෙනෙක් තුවාල ලබා ඇතැයි ද පැවසීය.

නිවාස හානි 6ක් හා අර්ධ වශයෙන් නිවාස 859 හානි වී ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන වාර්තා කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලංගම සේවකයින් පස්වරු 4 දක්වා කල් දෙයි

Mohamed Dilsad

නීතිපතිවරයාගෙන් වැඩබලන පොලිස්පතිවරයාට නියෝගයක්

Mohamed Dilsad

විදුලිය බිඳවැටීම් අදත් සිදු විය හැකි බවට අනාවැකියක්

Mohamed Dilsad

Leave a Comment