ප්‍රමුඛ පුවත 1

අනුරාධපුරයේ ප්‍රදේශ කීපයක් ජලයෙන් යටවෙයි

 

(UTV | කොළඹ) –  පවතින අයහපත් කාළගුණ තත්ත්වය අද දිනයේත් උතුරු – නැගෙනහිර, ඌව සහ මධ්‍යම යන පළාත්වලට බලපැවැත්වෙන අතර මිලිමීටර් 150 ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

වැසි ඇතිවන අවස්ථාවල දී පැයට කිලෝමීටර් 50 ඉක්ම වූ තද සුළං සමඟ ප්‍රබල අකුණු ද ඇතිවිය හැක.

අයහපත් කාළගුණය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ 75 න් 28 ක්ම වාන් දමමින් පවතින අතර , වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂිකා ජානකී මීගස්තැන්න සඳහන් කළේ වාන් දමන ජලාශවලින් එක්වන ජලය හේතුවෙන් මල්වතුඔය, දැදුරුඔය, කිරිඳිඔය, යාන් ඔය සහ මැණික් ගඟ අවට ජීවත් වන ජනතාව ජල මට්ටම් ඉහළ යාමෙන් ඇති විය හැකි ආපදා තත්ත්වයන් පිළිබද දැඩි අවදානයෙන් පසුවිය යුතු බවයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයට ඊයේ ඇදහැලුණු අධික වැසිත් සමඟ යාන් ඔය පිටාර ගැලීම නිසා කහටගස්දිගිලිය, හොරොව්පතාන සහ ගලෙන්බිඳුණුවැව ප්‍රදේශ කිහිපයකට බලපෑම් එල්ල වී තිබෙන අතර , මල්වතු ඔය පිටාර ගැලීමෙන්ද ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වී තිබේ.

දිස්ත්‍රික්ක 19 කට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පවුල් 9175 කට අයත් පුද්ගලයින් 30,838 කට වැඩි ප්‍රමාණයක් පීඩාවට පත්ව සිටී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සියලූ ජාතින්ගේ අයිතිවාසිකම් සුරැකෙන සමාජයක් නිර්මාණය කිරීමට කැපවෙන බව අගමැති කියයි

Mohamed Dilsad

ආනන්ද සමරසේකර මහතා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

Mohamed Dilsad

අරුවක්කාලු වෙත කසල රැගෙන ගිය ටිපර් රථයකට අදත් ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment