ප්‍රමුඛ පුවත 1

වහා ක්‍රියාත්මක වන පිරිදි පොලිස් නිළධාරීන් 60 කට ස්ථාන මාරුවීම්

 

(UTV | කොළඹ) –  නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව් දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 60 දෙනෙකුට වහා ක්‍රියාත්මක වන පිරිදි පොලිස් කොමිසම විසින් ස්ථාන මාරුවීම් ලබාදීමට කටයුතු කර ඇත.

ඒ අනුව බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.එස්. ජයසුන්දර බස්නාහිර – උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇති අතර, මොණරාගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කේ.ඩී.ඒ. කරවිට – එම දිසාවට අමතරව බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස රාජකාරී ආවරණය කිරීම සඳහා යොදවා තිබේ.

එමෙන්ම , සුබ සාධක දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ආර්.එල් කොඩිතුවක්කු පොලිස් මූලස්ථාන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසටත් , ක්ෂේත්‍ර බලකා මූලස්ථාන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එල්.කේ.කේ. සිල්වා එම දිසාවට අමතරව සුබ සාධක දිසාවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබේ.

මෙලෙස ස්ථාන මාරුවීම් ලැබූ පිරිස අතරට එමෙන්ම, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 08 දෙනෙකු, පොලිස් අධිකාරීවරුන් 11 දෙනෙකු සහකාර පොලිස් අධිකාරීවරුන් 17 දෙනෙකු සහ පොලිස් ස්ථානාධිපතිවරුන් 20 දෙනෙකු අයත් වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වත්තල රෙදි අලෙවිසැලක ගින්නක්

Mohamed Dilsad

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Mohamed Dilsad

මහවැලි ගොවීන්ට සූර්ය බල විසුරුම් ජල සම්පාදන ක‍්‍රම හඳුන්වාදීම සඳහා නව ව්‍යාපෘතියක්

Mohamed Dilsad

Leave a Comment