ප්‍රමුඛ පුවත 1

2020 කැලැන්ඩර්, දිනපොත් වල අඩුවක්

(UTV | කොළඹ) – රජයේ ඒකාබද්ධ අරමුදලේ හෝ වෙනත් කිසිදු ව්‍යවස්ථාපිත අරමුදලක මුදල් යොදා ගනිමින් ලබන වසර සඳහා දිනපොත් හා කැලැන්ඩර් මුද්‍රණය නොකරන ලෙස රජය සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙයි.

මහා භාණ්ඩාගාර ලේකම් එස් ආර් ආටිගල මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද චක්‍රලේඛයක් මේ වන විට සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන් වෙත යවා  තිබේ.

ජනතාවට මෑතකාලීනව දුන් බදු සහන හේතුවෙන් රාජ්‍ය ආයතන වල අත්‍යවශ්‍ය නොවන සහ ප්‍රමුඛතාවයෙන් අඩු වියදම් කපාහරින ලෙසටද එමගින් දැනුම් දී ඇත.

වාහන, ගමන් බිමන්, ගොඩනැගිලි පහසුකම් වැනි දෑ ඊට ඇතුලත් කර තිබේ.

තවද නව වාහන මිළදී ගැනීම්, කාර්යාල උපකරණ මිළදී ගැනීම් සහ ගොඩනැගිලි කුළියට ගැනීම කිසිදු අයුරකින් සිදු නොකළ යුතු බවද මහා භාණ්ඩාගාරය නිකුත් කල චක්‍රලේඛයේ වැඩුදුරටත් සඳහන් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බ්ලුමැන්ඩල් කුණු කන්දේ ගින්නක්

Mohamed Dilsad

නිදහස් පොදුජන සන්ධානයේ තනතුරු තේරීම අද

Mohamed Dilsad

ගම්පහ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment