විදෙස්

බයිඩන්හට ඇමෙරිකාවේ ඉහලම ගෞරවය (වීඩියෝ)

ඇමරිකානු උප ජනාධිපති ජෝ බයිඩන් හට ඇමරිකානුවෙකුට ලැබෙන ඉහළම ගෞරවය හිමි වෙයි.

ඒ ඔහු කළ සේවය අගයමින්.

ඇමරිකානු රජය විසින් පිරිනමන නිදහස සඳහා වූ පදක්කම ඇමරිකානු පුරවැසියෙකුට එරටින් හිමිවන ඉහළම ගෞරවයයි.

ඇමරිකානු ජනපති බරක් ඔබාමා විසින් ඇමරිකානු උප ජනපති ජෝ බේඞ්න්හට ඊයේ මේ පදක්කම පිරිනැමුවා.

ඒ ඇමරිකානු රජයටත්, ඇමරිකානු ජනතාවටත් පක්ෂපාතී වෙමින් ඔහු සිදුකළ මෙහෙය අගය කරමින්.

තමන් හට මෙම පදක්කම හිමිවන බව බයිඩන් මේ අවස්ථාවට සහභාගී වනතෙක්ම දැන නොසිටීම විෂේශත්වයක්විය.

මේ පදක්කම භාරගන්නා ලෙසට ඇමරිකානු ජනපතිවරයා ඔහුට ආරාධනා කළ අවස්ථාව ජෝ බයිඩන්ට ඉතා සංවේදී අවස්ථාවක් වුණා.

මේ පදක්කම බයිඩන්හට පිරිනමමින් ඔබාමා ප‍්‍රකාශ කළේ තමන් ජනපති වූ පසු කළ පළමු තෝරාගැනීම ජෝ බයිඩන් බවයි. එමෙන්ම එය තමන්ට පමනක් නොව ඇමරිකානු ජනතාව වෙනුවෙන්ද කළ හෝඳම තෝරාගැනීම බවත් ජනපතිවරයා විසින් ප‍්‍රකාශ කරන්නට යෙදුණා.

ජෝ බයිඩන් මේ මස 20 වැනිදා සිය ධුරයෙන් සමුගැනීමට නියමිතයි.

Related posts

ඉන්දියාවේ සිට පැමිණෙන සියලු ගුවන් මගීන්ට නවසීලන්ත දොරටු වැසේ

Mohamed Dilsad

ජපාන විදේශ ඇමති ඇතුළු නියෝජිත පිරිසක් ලබන සතියේ දිවයිනට

Mohamed Dilsad

ඇමෙරිකාවේ දිනක සිදුවූ වැඩිම කොරෝනා මරණ ගණන වාර්තා වෙයි

Mohamed Dilsad

Leave a Comment