ප්‍රමුඛ පුවත 1

පුරප්පාඩු මන්ත්‍රි ධූරය පිළිබඳ මැතිවරණ කොමිසමට දැනුම් දේ

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක විසින් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසාගේ අභාවයෙන් එම මන්ත්‍රී ධුරය පුරප්පාඩු වී ඇති බවට මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී වෙත කොමිෂන් සභාවේ තීරණය දැනුම් දීම ඒ අනුව හෙට (10) දිනයේ පැවැත්වීමට නියමිත මැතිවරණ කොමිෂන් සභා රැස්වීමේදී නියමිතව ඇත.

අනතුරුව රංජිත් ද සොයිසා මන්ත්‍රීවරයාගෙන් පසු වැඩි මනාප ලබා ඇති පුද්ගලයා පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා නම් කර එවීම තේරීම් භාර නිලධාරී විසින් සිදුකරනු ලබයි.

ඒ අනුව 2015 මහ මැතිවරණයේදී රංජිත් ද සොයිසා මන්ත්‍රීවරයාට පසුව වැඩිම මනාප ලබාගෙන ඇත්තේ එවකට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මැතිවරණයට තරඟ කළ වරුණ ලියනගේයි.

නිවිතිගල එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායක ලෙස ඔහු මේ වනවිට කටයුතු කරනු ලැබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නවීන තාක්ෂණය ඔස්සේ කෘෂි කර්මාන්තය දියුණු කලයුතුයි [VIDEO]

Mohamed Dilsad

පාකිස්ථානයෙන් මෙරටට සර්වඥ ධාතූන් වහන්සේලා වැඩමවයි

Mohamed Dilsad

ජාතික නිදහස සැමරුමදා සිරකරුවන් 545කට ජනාධිපති සමාව

Mohamed Dilsad

Leave a Comment