ප්‍රමුඛ පුවත 1

හිටපු ජනපති දුන් මරණ දඬුවමට එරෙහි තහනම් නියෝගය දීර්ඝ කරයි

(UTV | කොළඹ) – මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී මරණිය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් සිව් දෙනකුට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගයක් මාර්තු මස 20 වනදා තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(09) නියම කළේය.

එම තීරණයට එරෙහිව ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා සහ ගාමිණි අමරසේකර යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ මෙම කරුණට අදාළව  ඉදිරිපත් කර තිබෙන පෙත්සම් සියල්ල සලකා බැලීම මාර්තු මස 17,18 සහ 19 යන දිනවල සිදුකරන බවයි.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා විසින් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය  මාර්තු මස 20 වනදා දක්වා දීර්ඝ කරන බවද විනිසුරුමඩුල්ල සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති සීෂෙල්ස්හි වැඩසටහන් රැසකට එක් වෙයි

Mohamed Dilsad

මැන්චෙස්ටර්හි ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුට හානියක් නෑ

Mohamed Dilsad

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම අවසන්

Mohamed Dilsad

Leave a Comment