ප්‍රමුඛ පුවත 1

අර්ධ සුඛෝපභෝගී බස් රථ අහෝසි කිරීමට අවධානය

(UTV | කොළඹ) – ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය මගී ජනතාවට කිසිදු පහසුකමක් ලබා නොදෙමින් සහ මගී ජනතාවගේ මුදල් ගසාකමින් වසර ගණනාවක් ඔස්සේ ක්‍රියාත්මක කර තිබෙන අර්ධ සුඛෝපභෝගී බස්රථ සේවාව අහෝසි කිරීම කෙරෙහි යොමු වී තිබේ.

ප්‍රවාහන අමාත්‍යාංශයේ සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිළධාරීන් සමඟ මගී ප්‍රවාහන කළමණාකරණ සේවා විදුලිබල බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මෙම කාරණය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූ අතර අර්ධ සුඛෝපභෝගී බස්රථවල මහජනතාවට ඇති එකම පහසුව බස්රථ ජනෙල්වලට රෙදි කැබලි එල්ලා තැබීම පමණක් බවද මෙම සාකච්ඡාවේදී අවධාරණය කරනු ලැබීය.

අර්ධ සුඛෝපභෝගී බස්රථ සේවාව අහෝසි කළ යුතු බවත් එම සේවාව මඟින් කිසිදු පහසුකමක් මහජනතාවට නොලැබෙන අතරම සාමාන්‍ය බස්රථවලට වඩා වැඩියෙන් මුදල් ගෙවීමට තමන්ට සිදුවන බවත් අර්ධ සුඛෝපභෝගී බස්රථ සේවාව සම්බන්ධව ජාතික ගමනාගමන කොමිසම බස් මගීන් 10000 ක් යොදා ගනිමින් සිදුකළ සමීක්ෂණයකදී එම සියළුම මගීන් 100% ක්ම ප්‍රකාශ කර ඇත.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් අර්ධ සුඛෝපභෝගී (SEMI LUXURY) බස්රථ සේවාව අහෝසි කිරීමට තමන් කටයුතු කරන බව කී අමාත්‍ය මහින්ද අමරවීර බස්රථවල අධික ශබ්දයෙන් ගීත වාදනය කරමින් මහජනතාවට හිංසාවන පරිදි ඇතැම් රියදුරන් සහ කොන්දොස්තරවරුන් කටයුතු කිරීම පාලනය සඳහාද වැඩපිළිවෙළක් සකස් කිරීමට ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දුන්නේය.

ඒ අනුව සෑම පුද්ගලික සහ ලංගම බස් රථයකටම ඉදිරි කාලයේ සුභාවිත ගීත අඩංගු සී.ඩී. තැටි ලබාදීමටද උපදෙස් දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව ගැන ජිනීවාහි විවදය අදයි

Mohamed Dilsad

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අද

Mohamed Dilsad

උසස් පෙළ ප්‍රතිඵල නත්තලෙන් පසු

Mohamed Dilsad

Leave a Comment