ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

මානව සංවර්ධන දර්ශකයේ මුහුරත් වාර්තාව අග්‍රාමාත්‍යට ප්‍රධානය කෙරේ [VIDEO]

(UTV | කොළඹ) – එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ 2019 වසරේ මානව සංවර්ධන වාර්තාවෙහි මුහුරත් වාර්තාව අග්‍රාමාත්‍ය සහ මුදල්, ආර්ථීක සහ ප්‍රතිපත්ති කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබාදීම ශ්‍රී ලංකාවේ නේවාසික නිත්‍ය නියොජිත වන රොබට් යුකම් මහතා ප්‍රධානය කෙරුණි.

———————————————————————————————————————-

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් මෙවර නිකුත් කරන ලද නවතම මානව සංවර්ධන දර්ශකය අනුව ශ්‍රී ලංකාව ස්ථාන පහක් ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.

නවතම වාර්තාව අනුව ශ්‍රී ලංකාව ඉහළ මානව සංවර්ධනයක් අත්කර ගත් රටවල් අතරට එක්ව තිබීම ද විශේෂත්වයක්.

පසුගිය වසරේ දත්ත යෝදාගෙන 2019 වසර වෙනුවෙන් නිකුත් ඇති මෙම දර්ශකයේදී ශ්‍රී ලංකාව 71 වැනි ස්ථානයට පත්ව තිබේ.

2017 වසරේ දත්ත යෝදාගෙන 2018 වසරේදී නිකුත් කළ දර්ශකයේදී ශ්‍රී ලංකාව 76 වැනි ස්ථානය හිමිකරගෙන තිබුණි.

ආයු අපේක්ෂාව, සාක්ෂරතාව හා ඒක පුද්ගල ආදායම යන දර්ශක පදනම් කර ගනිමින් මෙම දර්ශකය ගණනය කර තිබේ.

මෙම දර්ශකය ගණනය කර තිබෙන්නේ රටවල් 189 ක දත්ත පදනම් කරගෙනයි.

එහි පළමු ස්ථානය නෝර්වේ රාජ්‍යයට හිමිව තිබෙන අතර අවසන් ස්ථානය හිමිව තිබෙන්නේ නයිජර් රාජ්‍යයටයි.

න්දියාව 129 වැනි ස්ථානයේ පසුවන අතර චීනය 85 වැනි ස්ථානයේ පසුවෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ෆේස්බුක් බලධාරීන් අද දිවයිනට – අගමැති කියයි

Mohamed Dilsad

කැණීම් නීති කඩ කළොත් වැඩ වරදිනවා – පතල් කාර්යාංශයේ සභාපති කියයි

Mohamed Dilsad

ඡන්ද ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Mohamed Dilsad

Leave a Comment