(UTV | කොළඹ) – ඩෙංගු රෝගය මර්දනය කිරීමේ නව ක්‍රමවේදයක් හදුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
“වොල්බැකියා” නම් බැක්ටීරියාවක් ඒ සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇති බව එම ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සදහන් කළේය.
ඒ අනුව ලබන පෙබරවාරි මාසයේ දී නියමු ව්‍යාපෘතියක්ලෙස එම කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.
මෙම ක්‍රමවේදය ලෝකයේ රටවල් කිහිපයක ද සාර්ථක ලෙස අත්හදා බලා ඇති අතර ඒ හරහා මෙරට ඩෙංගු රෝගය මර්දනය කිරීමේ හැකියාව ලැබෙනු ඇති බව වෛද්‍ය අරුණ ජයසේකර සදහන් කළේය.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]