ප්‍රමුඛ පුවත 1

ස්විස් නිලධාරිනියගේ පරීක්ෂණ වාර්තා අද අධිකරණයට

 

(UTV | කොළඹ) –  පසුගියදා පැහැරගැනීමට ලක්වූ බව කියන ස්ව්ට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දේශීය නිලධාරිනිය සම්බන්ධයෙන් මේ වන විට සිදුකර ඇති පරීක්ෂණවල වාර්තා පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (12) දිනයේ අධිකරණයට කරුණූ ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

අදාල නිලධාරිනිය සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අවස්ථා තුනකදී සාක්ෂි සටහන් කරගෙන තිබේ.

එම සාක්ෂි සටහන් කර ගැනීම සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සිදු කර ඇති පරීක්ෂණවල ප්‍රගතිය අද දිනයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරිමට නියමිතය.

අදාල පරික්ෂණ තවදුරටත් අඛණ්ඩව සිදු වන අතර යලිත් වරක් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනියගෙන් ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දු -ශ්‍රී ලංකා ඓතිහාසික සබඳතා මත ඉදිරියට යාම අතිශය වැදගත්- ඉන්දීය ජනපති

Mohamed Dilsad

රාජ්‍ය වෙසක් උත්සවය පිලිබඳ සාකච්ඡාවක්.

Mohamed Dilsad

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment