ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය සේවකයින්ගේ දීමනා සඳහා මහා භාණ්ඩාගාර අනුමැතිය

(UTV | කොළඹ) – මේ වසර සඳහා රජය සතු ව්‍යවස්ථාපිත ආයතන සහ රජයේ සමාගම්වල සේවක මණ්ඩලවලට ප්‍රසාද දීමනා ලබාදීම මහා භාණ්ඩාගාරය විසින් අනුමත කර තිබේ.

මේ සම්බන්ධයෙන් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය සමාගම්වල ප්‍රධානීන් සහ ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් වෙත මහා භාණ්ඩාගාරය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව, පසුගිය වසරේ ලබාදුන් ආකාරයට 2018 ගිණුම් වසරේ මූල්‍ය වාර්තා පදනම් කර ගනිමින් ප්‍රසාද දීමනා ගෙවන ලෙසට දැනුම්දී ඇත.

තම ආයතනවලට අධ්‍යක්ෂ මණ්ඩලය පත් කර නොමැති අවස්ථාවක වුව ද, රාජ්‍ය ආයතන වෙතින් ගෙවිය යුතු සියලු ව්‍යවස්ථාපිත ගෙවීම් සිදුකිරීමට යටත්ව මේ වසරේ ප්‍රසාද දීමනා ගෙවීමට ද අවසරය හිමිව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විධායක බලය භාවිතා කළේ රට බේරාගන්න – ජනපති

Mohamed Dilsad

දිවයින් වටා මුහුද රළු වීමේ අවධානමක්

Mohamed Dilsad

රටට ආදරය නම් 19 සංශෝධනය කල යුතුයි – ජනපති කියයි

Mohamed Dilsad

Leave a Comment