ප්‍රමුඛ පුවත 1

ජනාධිපති කාර්යාලයෙන් විශේෂ දැනුම්දීමක්

(UTV | කොළඹ) – ජනාධිපති කාර්යාලය විසින් ජනාධිපතිවරයාගේ සහ ජනාධිපති කාර්යාලයේ නාමය භාවිත කරමින් සිදුකරන ඇතැම් වංචනික ක්‍රියා සම්බන්ධයෙන් වහා පොලිසිය දැනුවත් කරන්නැයි ජනතාවට දැනුම් දෙයි.

ජනාධිපති කාර්යාලයේ තනතුරු දරන බව පවසා ඇතැම් පුද්ගලයන් විසින් මහජනතාව වෙත විවිධ බලපෑම් කිරීම් / බියගැන්වීම් සහ රැකියා ලබාදෙන බවට පොරොන්දුවීම් වැනි නොයෙක් වංචනික කටයුතු සිදුකරන බවට වාර්තා වී ඇති බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

මෙවැනි ක්‍රියා ජනාධිපතිවරයාගේ හෝ ජනාධිපති කාර්යාලයේ අනුදැනුමකින් තොරව සිදුවන බව මහජනතාව වෙත කාරුණිකව දැනුම්දෙන අතර එවැනි ක්‍රියා පිළිබඳව තොරතුරු ලද වහාම පොලිස් ස්ථානයක් වෙත දන්වන ලෙසත්,එවැනි ක්‍රියාවලට හසුනොවන ලෙසත් මහජනතාවට දැනුම් දෙනු ලැබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපතිවරණයට පෙර මහ බැංකු අධිපති තනතුරෙන් ඉවත් වීමට යයි

Mohamed Dilsad

දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම් වලින් මියගිය සංඛ්‍යාව 180 ඉක්මවයි

Mohamed Dilsad

අද සිට ත්‍රිරෝද රථවලට මීටර් අනිවාර්යයි

Mohamed Dilsad

Leave a Comment