ප්‍රමුඛ පුවත 1

මත්පැන් සැපයීමේ ක්‍රියාවලිය විශේෂ අධීක්ෂණයකින්

(UTV | කොළඹ) – සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ඉදිරි උත්සව සමයේ සුරාබදු බලපත්‍රලත් මත්පැන් අලෙවිසැල් ඇතුළු මත්පැන් සැපයීමේ සමස්ත ක්‍රියාවලිය විශේෂ අධීක්ෂණයකට ලක් කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කර තිබේ.

දිවයින පුරා එම කාල සීමාව තුළ සිදුවිය හැකි සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ සහ දුම්කොළ අපරාධ සම්බන්ධයෙන් වන වැටලීම් සිදුකිරීමට ද සැලසුම් කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව අදාළ වැටලීම් උඳුවප් පොහොය දිනයේ සිට ආරම්භ කර ඇති අතර එය ලබන වසරේ ජනවාරි මස 05 වනද දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිත වේ.

සියලු සුරාබදු ස්ථානාධිපතිවරුන් එම වැටලීම් සිදුකිරීම පිළිබඳ දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

දිවයින පුරා ඒ සඳහා සුරාබදු නිලධාරීන් 900 දෙනෙකු අනුයුක්ත කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේය.

දිස්ත්‍රික් භාර සුරාබදු අධිකාරීවරුන් සහ පළාත් භාර සහකාර සුරාබදු කොමසාරිස්වරුන් හට එම මෙහෙයුම් අධීක්ෂණය කිරීමේ වගකීම පවරා දී ඇති බව සඳහන් වේ.

මෙම විශේෂ මෙහෙයුම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන අතර සුරාබදු අපරාධ සම්බන්ධයෙන් වන තොරතුරු 1913 දුරකථන අංකයවෙත යොමුකළ හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

SriLankan Airlines යළි ඇගයීමට ලක්වේ.

Mohamed Dilsad

සමුද්‍රීය පරිසර සභාව පළමු වරට ජනපති ප්‍රධානත්වයෙන් රැස්වේ

Mohamed Dilsad

වත්මන් ආරක්‍ෂක සූදානම පිළිබඳව යුද්ධ හමුදාවේ පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

Leave a Comment