ප්‍රමුඛ පුවත 1

පාස්කු ප්‍රහාරයේ අතුරු වාර්තාවක් ජනපති කොමිසමට

(UTV | කොළඹ) – මේ සතිය තුළ අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ ජනපති කොමිසමේ අතුරු වාර්තාව නිකුත් කිරීමට නියමිතව තිබේ.

එම අතුරු වාර්තාව ලබන බ්‍රහස්පතින්දාට පෙර ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බව එම කොමිසමේ ලේකම් එච්. එම්. බී. පී. හේරත් මහතා පැවසුවේය.

මේ වන විට අප්‍රේල් 21 ක ප්‍රහාරයට අදාළව පුද්ගලයින් 35 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇතැයි ඔහු සඳහන් කළේය.

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර, අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපතිවරයා පත්කළ කොමිසම සඳහා මහජන පැමිණිලි 65 කට අධික සංඛ්‍යාවක් ලැබී තිබිණ.

අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර, වාර්තා කිරීම හා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනපති කොමිසමේ සෙසු සාමාජිකයින් වන්නේ අභීයාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජකරුණා, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල කුමාර අතපත්තු හා විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් ඩබ්ලිව්.එම්.ආර්.අධිකාරි වේ.

සැප්තැම්බර් මස 22 වැනිදා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෙම පංච පුද්ගල කොමිසම පත් කරනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාධ්‍යට සැබෑ නිදහස ලබාදෙනවා – බන්දුල [VIDEO]

Mohamed Dilsad

ප්‍රමිතියෙන් තොර රන් භාණ්ඩ අලෙවිය පිළිබඳව ඉදිරියේ දී දැඩි නීති රීති

Mohamed Dilsad

අම්පාර මාණීක්කමඩු ප්‍රදේශයේ ඉදිවන බෞද්ධ විහාරස්ථානය ගැන විශේෂ සාකච්ජාවක්

Mohamed Dilsad

Leave a Comment