ප්‍රමුඛ පුවත 1

ගානියා බැනිස්ටර් වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝග [VIDEO]

(UTV | කොළඹ) – පැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී  තිබේ.

ඒ, මෙම කාන්තාව ගොතන ලද සාවද්‍ය සාක්ෂි ඉදිරිපත් කිරීම හරහා රජය අපකීර්තියට පත්වන අයුරින් කටයුතු කිරීම සම්බන්ධයෙනි.

මෙම  ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැනිස්ටර් අද උදෑසන 9 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිව්වන වරටත් පැමිණියාය.

පසුව, එම දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ඇය අංගොඩ පිහිටි ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය වෙත කැදවා ගෙන ගියේය.

ඉන් පසුව ඇය පස්වරුවේ යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන එනු ලැබීය.

Related posts

සුමන්තිරන්ට දුන් ලේඛනය ගැන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් කියන කතාව

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණයට අඳාල ගැසට් පත්‍රය නිකුත් කෙරේ

Mohamed Dilsad

‘ෆොනී’ අතිශයින් චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් පවති

Mohamed Dilsad

Leave a Comment