විදෙස්

පාකිස්තානයේ හිටපු හමුදා නායකයාට මරණ දඬුවම

(UTV |පාකිස්තානය) – පාකිස්තානයේ හිටපු හමුදා නායක ජෙනරාල් පර්වේස් මුෂාරෆ්ට ඉස්ලාමාබාද්හි පැවති විශේෂ අධිකරණ නඩු විභාගයකදී මරණ නියමවී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම හා හදිසි නීතිය පැනවීම වෙනුවෙන් රාජද්‍රෝහීව ක්‍රියාකිරීම සම්බන්ධයෙන් හිටපු ජනපතිවරයාට එරෙහිව 2013 සිට විභාග වෙමින් පවති.

ඒ අනුව මේ වන විට 76 වන වියේ පසු වන ඔහුට මරණ දණ්ඩනය නියම වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ජෙනරාල් මුෂාරෆ් 1999 දී හමුදා කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගත් අතර 2001 සිට 2008 දක්වා එරට ජනාධිපති ලෙස සේවය කළේය.

ඔහු 2016 වසරේ සිට ඩුබායිහි සිටින්නේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස් ගතවීමට අවසර ලබා දීමෙන් පසුව ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රටවල් 75ක මන්කිපොක්ස් පැතිරෙයි

Mohamed Dilsad

මෙක්සිකෝවේ හෙලිකොප්ටරයක් අනතුරට ලක්විමෙන් 6ක් මියයයි.

Mohamed Dilsad

චීනයට ආනයනය කළ කුකුළු මස් තොගයක කොරෝනා හඳුනා ගැනේ

Mohamed Dilsad

Leave a Comment