ප්‍රමුඛ පුවත 1

ජනපතිගේ නම අවභාවිතා කරන්නන්ට දඬුවම් [VIDEO]

(UTV | කොළඹ) – ආරක්ෂ අමාත්‍යංශය පවසන ආකාරයට ජනපති සම්බන්ධීකරණ ලේකම්වරයන් වශයෙන් නැතහොත් ජනපති සමඟ සමීප සම්බන්ධතාවයක් ඇති තැනැත්තන් වශයෙන් වංචා සහගතව පෙනී සිටිමින් නොයෙකුත් ආකාරයෙන් මහජනතාවට වංචා සිදුකරන සහ මහජනතාව වෙත නොයෙකුත් නීති විරෝධී බලපෑම් සිදුකරන පුද්ගලයන් පිළිබඳව තොරතුරු මේ වනවිට ලැබෙමින් පවතියි.

පොලිස් මුලස්ථානය විසින් මෙවන් පුද්ගලයන් පිළිබඳ දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට අදාල පොලිස් නිලධාරින් වෙත අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවද එම අමාත්‍යංශය නිවේදනය කර තිබේ.

එබැවින් දැනටමත් මෙවැනි ආකාරයේ වංචාවකට හෝ නීති විරෝධි බලපෑමකට ලක්ව තිබේ නම් හෝ යම්කිසි පුද්ගලයෙක් මෙවන් ආකාරයේ වංචාවක් සිදුකරන්නේ නම් එම ප්‍රදේශයට අදාල පහත දුරකථන අංක සඳහන් කර ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට දැනුම් දී එවන් වංචාවන් හා නීති විරෝධි බලපෑම් වළක්වා ගැනීමට සහය දෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඒ අනුව බස්නාහිර පළාත සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, උතුර පළාත සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන සහ මධ්‍යම පළාත සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ පත් කර තිබේ.

මීට අමතරව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු දකුණු සහ සබරගමුව පළාත්වලටත් පත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

උතුරුමැද සහ වයඹ පළාතට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, ඌව පළාත සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.එෆ්.යූ. ප්‍රනාන්දුත් පත් කර තිබේ.

නැගෙනහිර පළාත සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පත් කර ඇත.

ජනාධිපතිවරයා සමඟ සබඳතා ඇති බවට අගවමින් කොළඹ නගරය තුළ එවැනි වංචා සිදුකරන පුද්ගලයින් සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන අංශය දැනුවත් කළ හැකි බව ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

මීට අමතරව 119 පොලිස් හදිසි ඇමතුම් අංකය අමතා කුමන හෝ ප්‍රදේශයක මෙවැනි වංචාවක් සිදුවන්නේ නම් දැනුම් දීමේ හැකියාව ද පවතී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සය පුද්ගල ඝාතනයට දෙදෙනෙකුට මරණ දඬුවම..

Mohamed Dilsad

නව රජයට සංවර්ධනට සියලුදෙනාගේ සහය අවශ්‍යයි [VIDEO]

Mohamed Dilsad

නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන්ට නිදහස

Mohamed Dilsad

Leave a Comment