ප්‍රමුඛ පුවත 1

ජනපතිවරණ පනත සංශෝධනය සඳහා වූ කමිටුව රැස් වේ

(UTV | කොළඹ) – ජනාධිපතිවරණ සඳහා අපේක්ෂකයින් විශාල සංඛ්‍යාවක් ඉදිරිපත්වීම පිළිබඳව සැළකිල්ලට ගනිමින් අධිකරණ, මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී ජනාධිපති මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා වූ කමිටුව රැස්ව තිබේ.

පසුගිය ජනාධිපතිවරණයේදී ඉදිරිපත්වූ අපේක්ෂකයන් අතුරින් බහුතරයකට සියයට 0.1 ක ජන්ද ප්‍රතිශතයක් හෝ ලබාගැනීමට හැකි නොවූ අතර පසුගිය ජනාධිපතිවරණයේදී ලද අත්දැකීම් අනුව විශාල අපේක්ෂයින් සංඛ්‍යාවක් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම හේතුවෙන් දැරීමට සිදුවූ වැය බරත්, ඡන්ද දායකයින්ට සහ මැතිවරණ කොමිසමට සිදුවූ අපහසුතාවත් පිළිබඳව සැළකිල්ලට ගනිමින් මෙම කමිටුව සංශෝධන ඉදිරිපත් කිරීමට නියමිත වේ.

ඊයේ (17) ජනාධිපතිවරණ මැතිවරණ පනත කවරාකාරයකින් සංශෝධනය විය යුතු ද යන්න පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, මැතිවරණ කොමිසමේ නියෝජිතයින් සහ අධිකරණ අමාත්‍යාංශයේ නියෝජිතයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

අමාත්‍යවරයා එහිදී තවදුරටත් කමිටුවේ නියෝජිතයින්ටදැන්ව සිටියේ සිටියේ පළාත්පාලන ඡන්දය පැවැත්වීම සඳහා දැනට ඇති නීතිමය බාධාවන් ඉවත් කිරීම සඳහා සුදුසු සංශෝධනයන් පිළිබඳව කඩිනමින් විසඳුමක් යෝජනා කරන ලෙසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කටුනායක මාර්ගයේ එක් මංතීරුවක් වසා දැමේ

Mohamed Dilsad

සමස්ත ආසාදිතයන්ගේ ගණන යළිත් ඉහළ යයි

Mohamed Dilsad

ශාන්ත අබේසේකර රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment