විදෙස්

ඉන්දීය පුරවැසි පනතට එරෙහි විරෝධතා තවදුරටත්

(UTV | කොළඹ) – ඉන්දියාවේ අනවසර සංක්‍රමණිකයන් හට පුරවැසිභාවය ලබාදීමේ පනතට එරෙහිව විරෝධතා උත්සන්න වී තිබේ.

ඒ සඳහා සහභාගී වූ දහස් සංඛ්‍යාත පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පොලීසිය පනවා ඇති තහනම නියෝග නොතකා දස දහස් සංඛ්‍යාත පිරිස් ඉන්දියාවේ ප්‍රාන්ත රැසක විරෝධතාවලට සහභාගී වී ඇති බව සඳහන්.

මේ අතර ඉන්දියාවේ නගර රැසක අන්තර්ජාල පහසුකම් අත්හිටුවීමටත් බලධාරීන් කටයුතු කර ඇති අතර මෙය ලෝක ඉතිහාසයේ සිදුකළ බරපතළම අන්තර්ජාල තහනම ලෙස සැලකේ.

ඊයේ 8 වන දිනටත් ඉන්දියාවේ ප්‍රධාන නගර 13ක විරෝධතා පැවති බව වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නවසීලන්තයට භූ කම්පන තත්ත්වයක්

Mohamed Dilsad

පාකිස්ථාන ලුතිනන් ජෙනරල් අසිම් මුනීර් සිය ධුරයෙන් ඉවතට

Mohamed Dilsad

ජෝර්ජියා ප්‍රාන්තයේ ඡන්ද යළිත් ගණනය කරයි

Mohamed Dilsad

Leave a Comment